පෙම බිඳුනයි දිවියට තිත තියූ හමුදා සෙබළා
Tuesday, 04 July 2023 - 9:55 | Views - 844
පෙම්වතිය විරසක වීම හේතුවෙන් කලකිරුණු හමුදා සෙබළකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පල්ලෙකැලේ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුධ හමුදා සෙබළෙක් බවටයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, හමුදා සෙබළා අතුරුදන් බවට ඔහුගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඉන් අනතුරුව යි , හමුදා සෙබළා අම්පිටිය ප්රදේශයේ පාලු ඉඩමක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයා ගෙන ඇත්තේ, එම ස්ථානයේ තිබී වස කුප්පියක්ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article