අද සංශෝධනය වීමට නියමිත ගෑස් මිල..
ලිට්රෝ ගෑස් මිල අද(04) සංශෝධනය කෙරෙනවා.
කිලෝග්රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වසර 2 කට පමණ පසු රුපියල් දෙදහස සීමාවට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ප්රකාශ කළේ.
මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා.
අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය මස 4 වනදා වන අතර එහි දී කිලෝග්රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළා.
ඒ අනුව එහි මිල මේ වන විට රුපියල් 3,186 ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවූ අතර එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි වනවා.
කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා.