ගුරු පුරප්පාඩු - 5000 ඉක්මවයි
Saturday, 01 July 2023 - 9:22 | Views - 410
වයඹ පළාත තුළ පමණක් විදුහල්පති පුරප්පාඩු 697ක් සහ ගුරු පුරප්පාඩු 5098ක් පවතින බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08ක සහ කොට්ඨාස 31ක මේ පුරප්පාඩු විසිරී පවතින බවයි.
මේ කොට්ඨාසවල විදුහල්පති ශ්‍රේණිධාරී පුරප්පාඩු අතරින් මහව 121ක්, නිකවැරටිය 75ක්, කුරුණෑගල 44ක්, ඉබ්බාගමුව 05ක්, ගිරිඋල්ල 03ක්, කුලියාපිටිය 36ක්, හලාවත 139ක් සහ පුත්තලම 188ක් ලෙස විදුහල්පති පුරප්පාඩු 697 පවතින බවද සංවිධායකවරයා අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවසන් බඳවා ගැනීම්වලින් පසුව වසර තුනක කාලයක් ගතව තිබුණත් මෙම පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාග පවත්වා කඩිනමින් බඳවා ගැනීම සිදු කර නොමැති බවයි.
Share This Article