මහබැංකු අධිපති දුන් සහතිකය..
Thursday, 29 June 2023 - 13:13 | Views - 550
ශ්‍රී ලංකා මහබැංකුව දැනටමත් සියයට 50 ක ඵලදායි බදු අනුපාතයක් ගෙවන බැවින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැංකු ඉවත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද(29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මිලියන 57 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහබැංකුව කටයුතු කරන බවයි.
එමෙන්ම, මහබැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී දැනටමත් රැස්කර ඇති සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතුවලට අත තැබීමක් සිදු නොකරන බවයි.
ඒ අනුව, එම තැන්පතු සදහා ගෙවනු ලබන සියයට 9 ක පොලියක් සහතික කරන බව ද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article