ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක සිරුරු කොටස් සොයා ගැනෙයි
Thursday, 29 June 2023 - 10:24 | Views - 1,502
මුහුදුබත්වූ ටයිටනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කරන බවයි.
උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂය පත්වුණා.
අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා ප්‍රංශය, කැනඩාව, බි්රතාන්ය යන රටවල්වල සහයෝගය හිමි වනවා.
Share This Article