ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි
Thursday, 29 June 2023 - 9:13 | Views - 423
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (ජූනි 29) යෙදී තිබෙනවා.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්රධාන අරමුණයි.
ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම බවයි වාර්තා වන්නේ.
නබි තුමන්, තමන්ගේ පුත්රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවයි.
කෙසේ වෙතත්, කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.
Share This Article