පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන ග්‍රහකයක්..
Wednesday, 28 June 2023 - 9:44 | Views - 1,097
අද(28) දිනයේදී ග්‍රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බව නාසා ආයතනය පවසනවා.
කෙසේ වෙතත්, එම ග්‍රහකයේ විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
මේ අතර, එය පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර,
එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිතය.
එය පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළත්, විද්‍යාඥයින් පුරෝකතනය කරන්නේ ඉන් කිසිදු හානියක් සිදුනොවන බවයි.
Share This Article