ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමක් ” ?
Friday, 23 June 2023 - 10:49 | Views - 1,454
සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් මේ බව හෙළි කළේ දින පහක් තිස්සේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින් සාගර පත්ලේ දී ටයිටන් සබ්මර්සිබල් යානයේ වලිගය වැනි කොටස සහ අනෙකුත් සුන්බුන් සොයා ගැනීමෙන් පසුවයි.

Victor 6000' නමැති මෙම අධි තාක්ෂණික යන්ත්‍රය මෙහෙයුමට ලබා දුන්නේ ප්‍රංශය විසිනුයි.

කෙසේ වෙතත්, ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ සිට යැවුනු තාක්ෂණික උපකරණ මෙහෙයුම් භූමියට ලැබෙන විට බොහෝ ප්‍රමාදව තිබුණු බව හෙළි වී තිබෙනවා.

මෙම යන්ත්‍රය මගින් මුහුදු පතුලේ සිට සම්ප්‍රේෂණය කරන ලද ඡායාරූපවල සුන්බුන් කොටස් බවට හඳුනාගත හැකි කොටස් තිබුණු බව වාර්තා වී තිබෙනවා. 'Victor 6000 ROV' යන්ත්‍රයට මුහුදු පතුලේ සිටම සුන්බුන් ඉවත් කිරීම, සුන්බුන් කැපීම වැනි දේ කිරීමට හැකියාව පවතින නිසා මෙම හඳුනාගත් කොටස් තහවුරු කිරීමේදී වැඩි සහායක් ලබා ගතහැකි බව පැවසෙනවා. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top