නවීන හෙඩ්සෙට් එකක් ඇපල් සමාගමෙන්.. (Video)
Tuesday, 06 June 2023 - 14:11 | Views - 662
නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.
"Apple Vision Pro" ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10කින් පමණ නිපදවූ පළමු ප්රධාන උපාංගය ලෙසයි සැලකෙන්නේ.
ඇපල් සමාගමේ ප්රධාන විධායක ටීම් කුක් පවසන්නේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය අතර හොඳින් මිශ්ර කෙරෙන බවයි.
පැය දෙකක් පමණ කාලයක් එහි බැටරිය ක්රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499ක් ගන්නා බවයි සඳහන් වන්නේ.
ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරෙනවා.
Share This Article