අළු අතරින් අවදිවන ගිනි ලිලී මල..
Tuesday, 06 June 2023 - 10:47 | Views - 2,036

දකුණු අප්‍රිකාවේ, කේප් තුඩුවේ, ෆේන්බොස් බිම් තීරුව, ගිම්හානයට සුන්දර මල් උයනක් බවට පත් වෙයි. මල් පදුරු සඑ කටු පදුරුවලින් පිරුණු මෙම බිම් තීරුවේ ලොව කිසිම තැනක නොමැති විදියේ විවිධාකාරයේ ශාක විශේෂ බොහොමයක් දකින්න ලැබේ. ගිම්හානයත් සමඟ මේ මල් ගස්වල පරාගණයට ඇති අවශ්‍යතාව වැඩිවෙයි.

ෆේන්බොස් බිම් තීරුව ශාක, පරාගණයට සතුන්ගේ සහාය ලබා ගන්නේ සෙසු ශාක සමඟ තරගයක නියැලෙමිනි. නොයෙක් නොයෙක් විවිධ පාට ලස්සන, අපූරු මල් නිර්මාණය කරන්නේ ඉක්මනින් සහ වැඩි වැඩියෙන් සතුන් ආකර්ශණය කර ගනිමිනි. කුරුල්ලන්, සමනලුන් ආදී කෘමි සතුන් ලස්සන මල් සොයා පැමිණෙයි. පරාගණයට උදවු වෙන සතුන්ට ශාක පැණිවලින් සංග්‍රහ කරයි. මේ කතාව, ෆේන්බොස් පළාතේ ලස්සන ශාක සහ මල් වර්ග ගැන නොවෙයි. අනෙක් ශාක සමඟ තරග කරන්නේ නැතිව, තමන්ගේ පාඩුවේ සිටින ශාකයක් ගැනය. ඒ ශාකයට ඕනෑ දේ ගෙනැවිත් දෙන්නේ ගිම්හානයේ ඉහළ යන උණුසුමය.

ගිම්හානයේ උණුසුමත් සමඟ ෆේන්බොස් පළාතේ ළැව් ගින්නක් හටගනී. ළැව් ගින්න වේගයෙන් පැතිරීමට වියලි සුළං උපකාරී වෙයි. බුරබුරා නැගෙන ගිනි දැල්වලින් පාට පාට ලස්සන ලෝකය දැවී අළු වීමට පටන් ගනී. ෆේන්බොස් භූමියේ මේ අයුරින් ළැව් ගින්නක් හටගත්තේ වසර 15 කට පමණ පසුවය. ළැව් ගින්නට හසුවී සියලුම ශාක විනාශ වෙයි. ඉතිරි වන්නේ අළු පමණි. ළැව් ගිනි දුමාරය සෙමින් පහව යද්දී, ඉතිරි වන අඟුරු දකිද්දී එක් දෙයක් පැහැදිලිය. ළැව් ගින්නෙන් බේරුණු කිසිදු ශාකයක් බේරී නැත. නැහැ. ඒක වැරදිය.

ළැව් ගින්න අවසන් වී සිවු දිනක් ගතවෙද්දී, ෆීනික්ස් කුරුල්ලකු අළු අතරින් නැගී සිටිනවා සේ, අළු අතරින් පුංචි රතු මලක් ඉහළට එසවෙයි. මේ ‘ෆයර් ලිලී’ Fire Lily මලකි. මේ ‘ෆයර් ලිලී’ ශාකය වසර 15 ක් තිස්සේ පොළොව යට නිද්‍රා තත්ත්වයෙන් බලා සිටියේය. ළැව් ගින්නෙන් පසු, ළැව් ගින්නෙන් නැගුණු තාපයෙන් සහ දුම්වලින් ‘ෆයර් ලිලී’ අවදි වෙයි. පොළොවෙන් ඉහළට නැගුණු ‘ෆයර් ලිලී’ ශාකයේ මල් හට ගනී. ඒවා දීප්තිමත් රතු තැඹිලි පැහැයක් ගනී. අළු වී ගිය පරිසරයක, ඒ මල දීප්තියෙන් දිස්වන්නේ ගින්නෙන් දැවෙනවා මෙනි. ‘ෆයර් ලිලී’ යන නාමය ඊට යෙදී ඇත්තේ ද මේ නිසාය.

ශාකයට අවශ්‍ය වන්නේ ද එයයි. ඈතට හොඳින් පැහැදිලිව පෙනෙන්න සැලැස්වීමය. අළු වී අඟුරු වුණු වටපිටාවට පියඹා එන ‘සන් බර්ඩ්’ Sun Bird වැනි පැණි කුරුල්ලන්ගේ අවධානය දිනා ගැනීමට ‘ෆයර් ලිලී’ සමත් වෙයි. ලිලී මලේ පරාගනයට උදවු කරන්නේ මේ කුරුල්ලන්ය. දුර ඈත සිටින කුරුල්ලන්ට දීප්තිමත් රතු සහ තැඹිලි වර්ණයෙන් යුත් ‘ෆයර් ලිලී’ මල් දකින්න ලැබේ. කුරුල්ලන් ලහිලහියේ මල වෙත පියඹා එයි. දැන් වෙනත් මල් කිසිවක් නොමැති බැවින්, කුරුල්ලට පැණි බීමට ඇති එකම මල වන්නේ ද මෙම යුත් ‘ෆයර් ලිලී’ මල් පමණි.

දිනෙන් දින තව තවත් පුංචි කුරුල්ලන් මල වෙත ඇදී එන්නේ පැණි බීමටය. ඒ අනුව, පරාගණය ඉතා සාර්ථකව සිදු කර ගැනීමට ‘ෆයර් ලිලී’ සමත් වෙයි. තවත් මාස කීපයක් යද්දී, අළු වී අඟුරු වී ගිය පොළොවෙන් අනෙක් ශාක පණ ගසා නැගිටියි. ටික දිනක් යද්දී ෆේන්බොස් භූමිය සුපුරුදු පරිදි සුන්දර මල් පැලවලින් පිරී හැඩ ගැන්වෙයි.

තරගකාරී ශාක යළි කරළියට එද්දී, ‘ෆයර් ලිලී’ ශාකය සෙමින් සෙමින් සමුගැනීම අරඹයි. මල් පරවෙයි. වියලී හැලී යයි. ‘ෆයර් ලිලී’ ශාකය යළි පොළොව යට සැඟවී යයි. තවත් ළැව් ගින්නකින් අවදි වන තුරු යළිත් වරක් නිද්‍රා තත්ත්වයට පත් වෙයි.

ඩේවිඩ් ඇටන්බරෝගේ
ග්‍රීන් ප්ලැනට් ඇසුරිනි.
No description available.

No description available.

No description available.

No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top