
දකුණු අප්රිකාවේ, කේප් තුඩුවේ, ෆේන්බොස් බිම් තීරුව, ගිම්හානයට සුන්දර මල් උයනක් බවට පත් වෙයි. මල් පදුරු සඑ කටු පදුරුවලින් පිරුණු මෙම බිම් තීරුවේ ලොව කිසිම තැනක නොමැති විදියේ විවිධාකාරයේ ශාක විශේෂ බොහොමයක් දකින්න ලැබේ. ගිම්හානයත් සමඟ මේ මල් ගස්වල පරාගණයට ඇති අවශ්යතාව වැඩිවෙයි.
ෆේන්බොස් බිම් තීරුව ශාක, පරාගණයට සතුන්ගේ සහාය ලබා ගන්නේ සෙසු ශාක සමඟ තරගයක නියැලෙමිනි. නොයෙක් නොයෙක් විවිධ පාට ලස්සන, අපූරු මල් නිර්මාණය කරන්නේ ඉක්මනින් සහ වැඩි වැඩියෙන් සතුන් ආකර්ශණය කර ගනිමිනි. කුරුල්ලන්, සමනලුන් ආදී කෘමි සතුන් ලස්සන මල් සොයා පැමිණෙයි. පරාගණයට උදවු වෙන සතුන්ට ශාක පැණිවලින් සංග්රහ කරයි. මේ කතාව, ෆේන්බොස් පළාතේ ලස්සන ශාක සහ මල් වර්ග ගැන නොවෙයි. අනෙක් ශාක සමඟ තරග කරන්නේ නැතිව, තමන්ගේ පාඩුවේ සිටින ශාකයක් ගැනය. ඒ ශාකයට ඕනෑ දේ ගෙනැවිත් දෙන්නේ ගිම්හානයේ ඉහළ යන උණුසුමය.
දිනෙන් දින තව තවත් පුංචි කුරුල්ලන් මල වෙත ඇදී එන්නේ පැණි බීමටය. ඒ අනුව, පරාගණය ඉතා සාර්ථකව සිදු කර ගැනීමට ‘ෆයර් ලිලී’ සමත් වෙයි. තවත් මාස කීපයක් යද්දී, අළු වී අඟුරු වී ගිය පොළොවෙන් අනෙක් ශාක පණ ගසා නැගිටියි. ටික දිනක් යද්දී ෆේන්බොස් භූමිය සුපුරුදු පරිදි සුන්දර මල් පැලවලින් පිරී හැඩ ගැන්වෙයි.
තරගකාරී ශාක යළි කරළියට එද්දී, ‘ෆයර් ලිලී’ ශාකය සෙමින් සෙමින් සමුගැනීම අරඹයි. මල් පරවෙයි. වියලී හැලී යයි. ‘ෆයර් ලිලී’ ශාකය යළි පොළොව යට සැඟවී යයි. තවත් ළැව් ගින්නකින් අවදි වන තුරු යළිත් වරක් නිද්රා තත්ත්වයට පත් වෙයි.





110 Views
134 Views
187 Views
197 Views
85 Views
153 Views
157 Views
179 Views
99 Views
131 Views
589 Views
269 Views
272 Views
74 Views
45 Views
44 Views
38 Views