එමිරේට්ස් රාජ්‍යය රොබෝ යානයක් යැවීමේ සුදානමක
Thursday, 01 June 2023 - 10:41 | Views - 471
එක්සත් අරාබි එමිරේට්ස් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්, අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලේ ග්‍රහක අධ්‍යයනය කිරීමට රොබෝ යානයක් යැවීමට සූදානම් වන බව සඳහන්.

එමිරේට්ස් විද්‍යාඥයන් මෙම වික්‍රමයට සූදානම් වෙන්නේ, අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ‘අමල්’ නමැති රොබෝ යානයේ සාර්ථකත්වයෙන් පසුවය. ‘අමල්’ ගවේෂණ යානය අඟහරු වෙත යැවීම සිදුවූයේ 2021 පෙබරවාරි මාසයේය.

පෘථිවියේ ජීවය පහළ වීම සම්බන්ධයෙන් රහස් සැඟවී ඇත්තේ මෙම ග්‍රහක වළල්ලේ යැයි විශ්වාස කෙරේ. රොබෝ යානය 2028 ග්‍රහක වළල්ල බලා ගමන් ආරම්භ කරනු ඇති. යානය විශේෂයෙන් ඉලක්ක කරගත් ග්‍රහක 7 ක් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් වනවා.

ග්‍රහක වළල්ලේ ග්‍රහක ගවේෂණය කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ වූයේ මීට වසර 13 කට පෙරය.

(රොයිටර්)
උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top