ලොව වයස්ගතම සුනඛයා උපන්දිනය සමරලා.. (Photos)
Friday, 19 May 2023 - 9:39 | Views - 974

ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන 31 වැනි වියේ පසුවන බොබී එයාගේ හිමිකරු සමග උපන්දිනය සමරා ඇති පුවතක් මධ්‍යම පෘතුගාලයෙන් වාර්තා වෙයි. 1992 මැයි මස 11 වැනි දින උපත ලැබූ බොබීගේ උපන්දිනය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබූ අතර, එහිදී සාම්ප‍්‍රදායික පෘතුග‍්‍රීසි උපන්දිනයක් සරමනු ලැබුවා. එම සාදය සදහා සියයට අධික පිරිසක් සහභාගි වී ඇතිබවද ආරංචියි.

කෙසේ නමුත් මීට මාස කිහිපයකට කලින් ලොව වයස්ගතම සුනඛයා ලෙස බොබීව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීමට බොබීගේ හිමිකරුට හැකියාව ලැබී තිබෙනවා.

බොබී මෙලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වන විට මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ වයස අවුරුදු 29යි මාස මාස 5දී මිය ගිය ඕස්ටෙ‍්‍රලියානු සුනඛයෙකි.

සාමාන්‍යයෙන් සුනඛයකුගේ ආයු කාලය වයස අවුරුදු 12 ත් -14 ක් වුවත් මෙම සුනඛයා ඉතා නිරෝගී ලෙස මෙලෙස ජීවත්වීමට හේතුව මිනිසුන් සමානව ආහාර ගනිමින් ඉතා යහපත් පරිසරයක ජීවත්වූ නිසා බව බොබීගේ හිමිකරු පවසයි.

 



සිරිකත.. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top