කොළපාට අබිරහස් ගල
Sunday, 30 April 2023 - 15:31 | Views - 538

මධ්‍යම තුර්කියේ හිටයිට්ස් අධිරාජ්‍යයේ අගනුවර පිහිටා ඇති දැවැන්ත වූත්, පෞරාණික වූත් කොළ පැහැයෙන් දිදුලන සියවස් ගණනක් ඉපැරණි අබිරහස් පාෂාණය කුමක් විය හැකිද? “පැතුම්ගල”, “ප්‍රාර්ථනා ගල” ලෙසින් හඳුන්වන මේ පාෂාණය නැරඹීමට පැමිණෙන විදේශීය සහ දේශීය සංචාරකයන් එහි පවත්නා සුන්දරත්වයටත් පෞරාණික බවටත් වශීකෘත වී ඇත. අෑත පෞරාණික ඉතිහාස යුගයේ ලෝකඩ කර්මාන්තය පවතින කාලසීමාවේ අග භාගය වනවිට හිටයිට්ස් අධිරාජ්‍යය නාගරික ජීවිතයේ දියුණුව සඳහා වැදගත් කාර්යයන් රැසක් සිදු කොට ඇත.

තුර්කියේ කොරම් පළාතේ මහා විහාර ප්‍රදේශයේ ඇති ඉන්ද්‍රජාලික වූත්, අබිරහස්ජනක වූත් ප්‍රාර්ථනා ගලක් ලෙස හඳුන්වන දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත පාෂාණය වටා ගෙතුණු අබිරහසක් පැවැතිය හැකිය. එය කුමක්දැයි එහි සංචාරය කරනු වස් පැමිණෙන දේශීය මෙන්ම විදේශිකයන්ටද පැනනැඟුණු ගැටලුවකි. හිටයිට්ස් අධිරාජ්‍යයේ අගනුවර වන “හත්තුෂා” යනු යුනෙස්කෝ ලෝක උරුම අඩවිවල පවා ලැයිස්තුගත කර ඇති පෞරාණික ඉපැරණි පුරාවිද්‍යාත්මක ස්ථානයකි. මෙම ස්ථානයේ පිහිටා ඇති සෙසු ගල්වලට වඩා “හරිත ගල” හෙවත් “ප්‍රාර්ථනා ගල” බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගනු ලබයි. එහි පිහිටීමත්, වර්ණය සහ විශාලත්වය අනුව සංචාරකයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්වන්නේ එබැවිනි.

හරිත පැහැයෙන් බබළන්නා වූ මේ පාෂාණය සර්පන්ටිනයිට් හෝ නෙෆ්රයිට් වර්ගයට අයත් වන බව සඳහන් වේ. හිටයිට්ස් යනු ඇනටෝලියාවේ බොහෝමයක් අධිරාජ්‍ය පිහිටුවාගත් ඇනටෝලියානුවන් තම ජනාවාස ලෙස පිහිටුවාගත් ප්‍රදේශයකි.එය උතුරු ලෙවනිට් සහ ඉහළ මෙසපොතේමියාවේ පිහිටා ඇත. හිටයිට්ස්වරුන් පැමිණීමට පෙර ක්‍රි.පූ. 2000දී පමණ “හත්ථි දේශය” ලෙස හඳුන්වන හිටයිට්ස් ජනයා විසින් මෙම ප්‍රදේශය ජනාවාස වී තිබේ.

ක්‍රිස්තු පූර්ව 13 වැනි සියවසේ අග භාගයේ කාදේශ් සටනේදී ඔවුන් පුරාණ ඊජිප්තුවන් සමඟ ගැටුමකට අවතීර්ණ වී තිබේ. එම සටනින් පසු සදාකාලික ගිවිසුම හෝ රිදී ගිවිසුම ලෙස හඳුන්වන ඊජිප්තු හිටයිට්ස් සාම ගිවිසුමක් සඳහා අධිරාජ්‍යයන් දෙකම ඒකරාශී වී කටයුතු කර තිබේ. අෂූර් – රේෂ් – ඉෂි යටතේ ඇසිරියානුවන් ක්‍රි.පූ 12 වැනි සියවසේදී හිටයිට්ස් ප්‍රදේශ බොහොමයක් ආක්‍රමණය කර තිබිණි.

හිටයිට්ස් අධිරාජ්‍ය ආක්‍රමණය කරන ලද ඇසිරියානුවන් වෙත බිඳී යෑමත් සමඟ දශක කිහිපයක් පුරාවට එම අගනුවර ක්‍රමයෙන් අත්හැර දමා තිබිණි. ඇසිරියානුවන් හිටයිට්ස් අධිරාජ්‍යයේ නටබුන් මත ඔවුන්ගේම සංස්කෘතිය සහ වටිනාකම් ඇති කරමින් ඉතිරිව තිබූ බොහෝ දේ විනාශ කර දමන ලදී. මේ අවස්ථාවේදී හිටයිට්ස්වරුන් ඇනටෝලියාවෙන් අතුරුදන් වී තිබිණි.

හත්තුෂා විහාර සංකීර්ණයේ එක් ගබඩාවක වැටී ඇති අබිරහස් කොළ පැහැති පාෂාණය කුමක්ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසකි. ඇතැම් විට ඓතිහාසික යුද්ධ පැවැති කාලයේ ගොඩනඟන ලද විහාරස්ථානයක අවශේෂ වූ නටබුන් විය හැකිය. සර්පන්ටිනයිට්වලින් සාදන ලදැයි සැලකෙන හරිත පාෂාණය ඇතැම් ආගමික ශාස්තෘවරුන් විසින් විවිධ ආගමික ඇදහිලිවල භූමිකාවන් ඉටුකර ඇති බවට විශ්වාස පවතී. හිටයිට්ස්වරුන් ඇදහිලි වන්දනා සිදුකරනු ලබන්නේ හිටයිට්ස් අධිරාජ්‍යයේ ප්‍රධාන දේවතාවිය වන සූයර් දේවතාවියටයි. එනම් ඩූ ටූ යූ ආරින්නා හෙවත් “අරින්නාවේ හිරු දේවතාවියයි.” හිරු දේවතාවිය අරබයා සිදුකරන ඇතැම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර මිථ්‍යාව මත පදනම් වූ බව මොවුන් විශ්වාස කරයි. හිටයිට්ස්වරුන් බොහෝ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරනු ලැබුවේ මිනිසා සහ දෙවිවරුන් අතර සමීපත්වය නියෝජනය කිරීම සඳහා නිර්මාණය කරන ලද පොළොවේ හාරන ලද වළවල් තුළය. මෙලෙස පොළොවේ වළවල් හාරා සිදුකරන ඇදහීම් “නිකේ‍රා්මැන්ටික්” ලෙසද හඳුන්වනු ලබයි. කෙසේ වුවත් හිටයිට්ස්වරුන් පාතාල ලෝකයේ දෙවිවරුන් සමඟ කතා කිරීමටත් ඔවුන් ජීවමාන ලෝකයට කැඳවීමටත් උත්සාහ කර ඇති බව විශ්වාස කරනු ලබයි.

මධ්‍යම තුර්කියේ හිටයිට්ස් අධිරාජ්‍යයේ ප්‍රදේශවාසීන් දෙවිවරුන් සමඟ සබඳතා පැවැත්වීම සඳහා හෝ ඔවුන්ගේ ප්‍රධාන දේවතාවිය වන හිරු දේවතාවිය වන්දනාමාන කිරීම සඳහා මෙම හරිත පැහැයෙන් යුක්ත පාෂාණය යොදා ගන්නට ඇතැයි ඇතැම් ජනප්‍රවාදවල සඳහන් වේ.

තුර්කිය වෙත සංචාරය කරන ඕනෑම දේශීය විදේශීය සංචාරකයකුට මෙම හරිත පැහැගත් සුන්දර හා දුර්ලභ හරිත පාෂාණය දැකගත  හැකිය. දුර්ලභ වූත් හරිත පැහැයෙන් යුක්ත මේ පාෂාණය කුමක්ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසකි.

චතුරිකා රාජපක්ෂ 
මව්බිම 

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top