බිස්නස් Purposeවලට Instagram භාවිතා කරන්නේ මෙහෙමයි
Sunday, 30 April 2023 - 12:26 | Views - 491
සමාජ මාධ්‍ය පිටු නිර්මාණය වන්නේ එකිනෙකා අතර සමාජයීය වීම සඳහාය. Instagram වේදිකාව නිර්මාණය වී තිබෙන්නේ ඔබගේ මිතුරන් සමඟ සම්බන්ධ වීම වෙනුවෙන් මිස භාණ්ඩ අලෙවි කිරීම සඳහා නොවේ. නමුත් ඔබට ඔබේ ව්‍යාපාර අවශ්‍යතාව මත ආකර්ෂණීය, වටිනා, අදාළ වැදගත් සහ ප්‍රයෝජනවත් අන්තර්ගතයන් හරහා ඔබේ ප්‍රේක්ෂකයන්ට සමීප වීමෙන් ඉන්ස්ටග්‍රෑම් පිටු ප්‍රවර්ධනය වඩාත් හොඳින් සිදු කර ගන්න පුළුවන්.

ඔබට Instagramහි බෙදා ගැනීමට වැදගත් අන්තර්ගතයන් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා.

කාලානුරූපී සහ උපක්‍රම: විවිධ සිදුවීම් සඳහා අලංකාර සහ කාලානුරූපී (අලුත් අවුරුද්ද වෙසක්, නත්තල සහ රාමදාන්) වැනි ලෙස නිමවුණු සිතුවිලි පින්තූර.

පුවත් සහ සිදුවීම්: ඉදිරියට එන ව්‍යාපාර හෝ නව සේවාවන්වල සිදුවීම් පිළිබඳ තොරතුරු පෝස්ටු

සම්මුඛ සාකච්ඡා: ඔබේ ස්ථානයේ සිටින සේවාදායකයකු හෝ කීර්තිමත් පුද්ගලයකු සම්මුඛ සාකච්ඡාවක් කර වීඩියෝවක් පළ කරන්න.

තිරය පිටුපස: ඔබේ ව්‍යාපාරයේ සිදුවීම්වල හෝ වීඩියෝවල තිරය පිටුපස ඡායාරූප වීඩියෝ හෝ බ්ලූපර් (Blooper) පෙන්වන්න.

ඔබේ අන්තර්ගතය උසස් තත්ත්වයේ නම් එය දැකීමට සහ බෙදා ගැනීමට වැඩි අවස්ථා තිබෙනවා. ඔබේ අනුගාමිකයන් (Followers) Instagramහි ඔබේ අන්තර්ගතය කැමැත්තෙන් බෙදාගන්නා විට ඔබේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් සහ වැඩි අවධානයක් ඔවුන්ට ලැබෙනවා. වගේම ඔබේ ව්‍යාපාරික පිටුව නොමිලේ ස්වයංක්‍රීයව ප්‍රවර්ධනය වීමද සිදුවෙනවා.

..................................................................

ඔබේ සේවාවන් සහ නිෂ්පාදන ප්‍රචාරණය කිරීමෙන් ඔබට ඔබේ ඉන්ස්ටග්‍රෑම් ව්‍යාපාරික පිටුව සැබැවින්ම ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියල ඔබ මේ වෙනකොට තේරුම් අරන් ඇති. ඔබේ බිස්නස් එකේ භාණ්ඩ හෝ සේවාවන් නිරන්තරයෙන් අලුත් වෙනවා නම් ඔබේ සමූහයට ඒ සෑම දෙයක් ගැනම දැනුවත්ව තැබීමට ඔබට සිදු වෙනවා. ඒ නිසා ඔබේ පරිශීලකයන් බිස්නස් එකේ අලුත් තොරතුරු සමඟින් අවධානයෙන් තැබීමට ඔබට අවශ්‍ය යැයි උපකල්පනය කළහොත් ඔබ පුරුද්දක් ලෙස Instagramහි එම පොස්ටු පළ කිරීම සිදු කළ යුතු වනවා. එමඟින් ඔබේ ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම නොමිලේම Instagram පිටුව හරහා සිදු කරගන්න පුළුවන්. මේ විදිහට ඔබේ Instagram පිටු ප්‍රවර්ධන කරගන්න පුළුවන් උපායමාර්ග කිහිපයක් තිබෙනවා.

ඔබේ වඩාත් ප්‍රසිද්ධ නිෂ්පාදන පිළිබඳ වාර්තා පරිශීලකයන් අතර බෙදා ගන්න.

කාලානුරූපී විශේෂ නව නිෂ්පාදන වට්ටම් දීමනා සහ ගනුදෙනු ප්‍රවර්ධනය කරන්න.

ඔබේ ව්‍යාපාර ස්ථානය ගැන ඡායාරූප සහ වීඩියෝ පළ කරන්න.

ඔබගේ භාණ්ඩ නැවත තොගයේ ඇති බව ඔබේ ගනුදෙනුකරුවන්ට දැන්වීම සඳහා පළ කරන්න.

ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වන්න

ව්‍යාපාර සඳහා ඔබේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට වැඩි අනුගාමිකයන් ලබා ගැනීමට කළ හැකි ප්‍රබලම ක්‍රමයක් තමයි ඔබේ අනුගාමිකයන් සමඟ හැකි සෑම විටම අනේ‍යාන්‍ය සම්බන්ධතාවන් පවත්වා ගැනීම. ඔබේ අන්තර්ගතය සමඟ පමණක් නොව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමෙන්ද ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්න. ඔබේ පළ කිරීම්වලට Like කිරීමට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එවිට ඔවුන්ගේ සෑම කමෙන්ට් එකක්ම අගය කරන බව හැඟෙන විදිහට පිළිතුරු දීම තුළින් හොඳ පක්ෂපාතී අනුගාමිකයන් පිරිසක් ඔබට ගොඩනඟා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔබට ඔවුන් වැදගත් යැයි ඔවුන්ට හැඟෙන නිසා ඊළඟ වතාවේද ඔබේ පෝස්ටුවලට ඔවුන් අදහස් දක්වනු ඇත.

ඉතින් Instagramහි ව්‍යාපාරික පිටුවක් ප්‍රවර්ධනය කිරීමේ, මේ සරල ක්‍රමවේද භාවිත කරලා Instagramහි ප්‍රේක්ෂකයන්ගේ නියැළීම Engagement වැඩි කිරීමට ඔබත් උත්සාහ කරන්න.

සඳුන් සංදීප
මව්බිම 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top