අත්හැර දැමූ චන්ද්රිකාවක් අද පෘථිවිය ට
Thursday, 20 April 2023 - 7:40 | Views - 683
අභ්යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කර තිබෙනවා.
එම අනාවරණයට අනුව රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්රිකාව අද උදෑසන පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් ඇතැයි විද්යාඥයින් පවසා තිබෙනවා.
කෙසේ නමුත් චන්ද්රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන්.
Share This Article