පෘථිවියේ වායු තත්ත්ව නිරීක්ෂණයට - චන්ද්රිකාවක්
Saturday, 08 April 2023 - 13:28 | Views - 472
අභ්යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා නාසා ආයතනය චන්ද්රිකාවක් ගුවන් ගත කර තිබෙනවා.
මෙම චන්ද්රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මගින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්යවකාශ මධ්යස්ථානයෙන් ඊයේ (07) කක්ෂ ගත කරනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නාසා ආයතනය මෙම චන්ද්රිකාව මගින් ලබාගන්නා දත්තවලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිතයි.
Share This Article