
මිහි මවගේ තවත් එක් අපූරු නිමැවුමක් ලෙස ශාක දැක්විය හැකිය. එලෙස සොබාදම් මාතාවගේ ආසිරෙන් නිමවූ ගස් විවිධ හැඩයෙන් යුක්ත බව පරිසරය කෙරෙහි දෑස් යොමු කරන කොයි කාටත් පෙනෙන සොඳුරු දසුනකි. ගසක් යනු ලේසියෙන් බැහැර කළ හැකි දෙයක් නොවේ. පරිසරය අලංකාර කිරීමට සේම ඔබට මට පිරිසුදු වාතය ආශ්වාස කළ හැක්කේද මේ ගහකොළ නිසාමය. කනගාටුවට කරුණ නම් ලෝකය පුරා විටින් විට සිදුවන වන සංහාර නිසා මේ අපූරු ගස් විනාශයට පත්වීමය. ඒ තුළින් පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම, වර්ෂාව අඩුවීම් ආදී විවිධ කාලගුණික විපර්යාසයන් ඇතිවීමක් නිරන්තරයෙන්ම ඔබට මට දක්නට හැකිය. ශාක ලෝකය පරිසරයට එක් කරන්නේ අමුතුම සිරියාවන්තභාවයකි. එපමණක් නොව ශාක ලෝකය විවිධාකාර ස්වරූපයන්ගෙන් යුක්තය. අපට දෑස් අදහාගත නොහැකි ලෙස විවිධාකාර හැඩයෙන් යුක්ත ශාකද මේ පොළෝතලය මත ඇති බව පැවැසුවොත් ඔබ එය විශ්වාස කරනවාද? ඔව්. එලෙස විවිධාංගීකරණය වූ අරුම පුදුම ගස් හතක් පිළිබඳව අද මෙම විශේෂාංගය තුළින් ඔබට දැන ගත හැකිය.
1 . Rainbow Eucalyptus
නම තුළින්ම මෙය දේදුණු පැහැයට සමාන පැහැයකින් යුත් ශාකයක් බව මනාව විද්යමාන වේ.
Eucalyptus deglupta යන විද්යාත්මක නාමයෙන් මෙම ගස හ¾දුන්වයි. එය බැලූ බැලූ අත සිත්තරකු හැඩ කළ අපූරු සිත්තමක් සේ දිස් වේ. මෙය අඩි 250 (මීටර් 76)ක් පමණ උසට වැඩේ. මෙම ශාක කඳ විවිධ පැහැයෙන් පෙනීමට විශේෂ හේතු පවතී. එනම් , වසරේ විවිධ කාලවලදී මෙම ගසේ පොතු ගැල වී යෑමේ ප්රතිඵලයක් ලෙස මෙම ශාකයේ කඳ විවිධ වර්ණයන්ගෙන් දකින්නට ලැබෙයි. පොතු ගැලවී ගිය ස්ථානය ළා දුඹුරු පැහැයක් ගන්නා අතර පසුව ළා කොළ, අ¾දුරු කොළ පාට, නිල් පාට, රෝස පාට, තැඹිලි පාට සහ දම් පාට ආදී නේක වර්ණයන්ට පරිවර්තනය වන බව ප්රකාශ කළ යුතුමය. වෙනත් ආකාරයකින් ප්රකාශ කරන්නේ නම් මෙම Rainbow Eucalyptus ලෙස නම් දරන මෙම ගස දේදුන්නක ඇති සියලුම වර්ණවලින් සමලකෘත බවය.
මෙම ශාක විශේෂය පිලිපීනය, පැපුවා නිව්ගිනියා, ඉන්දුනීසියාව යන රටවල දක්නට හැකිය. එමෙන්ම රේන්බෝ යුකැලිප්ටස් යනු උතුරු අර්ධ ගෝලයට ආවේණික එකම යුකැලිප්ටස් ගසයි. අධික වර්ෂාපතනයක් සහිත නිවර්තන වනාන්තරවල මෙම ශාකය වර්ධනය වේ. එමෙන්ම එක්සත් ජනපදයේ කැල්ෆෝනියා, ටෙක්සාස්, ෆ්ලෝරිඩා දකුණු ප්රදේශවලද මෙම ශාකය දක්නට හැකිය. විශේෂිතම කරුණ නම් එලෙස දක්නට හැකි වන්නේද හිමෙන් තොර ප්රදේශවලය. මෙම ප්රදේශයේ වර්ධනය වන ගසේ උස අඩි 100 – 125 පමණ වේ. එය මීටර් නම් 30 – 38 පමණයි. වසරකට අඩි තුනක් පමණ වර්ධනය වන අතර ස්වේත පැහැති පුෂ්පයෙන් යුක්තය. එපමණක් නොව මධ්යස්ථ පළල සදාහරිත පත්ර ඇත. එම පත්රවල ඇරෝමැටික තෙල් නිපදවන ග්රන්ථි අඩංගුය. වෙසෙස්ම කරුණ නම් මෙම ගස පළිබෝධ හා රෝග ගැටලුවලට ස්වභාවිකව ප්රතිවිරෝධී වේ.
මෙය වාණිජ වටිනාකමක් සහිතය. සුදු කඩදාසි නිෂ්පාදනයට මෙහි තුනී පොත්ත භාවිත කරයි. මෙම ශාකය අපේ ඇස් විස්මයට පත්වෙන ආකාරයේ ශාකයක් බවට දැක්විය හැකිය.
2 . Circus Tree
සර්කස් ශාකය නම් මිහි මවගේ අපූරු නිර්මාණයක් නොවේ. එය එක්තරා පුද්ගලයෙක් විසින් කළ අපූරු නිර්මාණයකි. ඒ ඇක්සෙල් අර්ලන්ඩ්සන් විසින්ය. ගස් දෙකක් අතර ස්වාභාවික බද්ධ කිරීමක් නිරීක්ෂණය කිරීමෙන් ආශ්වාදයක් ලබාගත් ඔහු තම ගස් හැඩ ගැන්වීමට පටන් ගත්තේය. ඔහුගේ සංකීර්ණ බද්ධ කිරීමේ ශිල්පීය ක්රමවල ප්රතිඵලයක් ලෙස සජීවී දැව නූල්වලින් සාදන ලද ආශ්චර්යයන් විය. සෘජු ගස් කඳන් සහ අතු කැපීමට වඩා ප්රවේශමෙන් නැවී, හදවත්, අකුණු සැර, කූඩ වියන සහ මුදු වැනි හැඩවලින් සංකීර්ණ සහ සංයුක්ත මෝස්තර බවට පත් විය.
1957 වන විට Erlandson විසින් අද්විතීය ගස් 70කට වඩා නිර්මාණය කර ඇත. එමෙන්ම “ලයිෆ් සඟරාවේ” ලිපියක් මඟින්ද මෙම ගසට ප්රසිද්ධියක් ලබාදී ඇත. 1963 වසරේදී ඔහුගේ ආදරණීය සර්කස් ගස් විකුණා දමා ඇති අතර ඉන් පසු ඔහුගේ සෞඛ්යය පිරිහීමට පත්ව ඇත. ඔහු 1964දී හෘදයාබාධයකින් මිය ගියේය. ඇක්සෙල්ගේ මියයෑමෙන් පසු ඔහු නිම වූ මෙම ගස්වලට බොහෝ හිමිකරුවන් ඉදිරිපත් විය. කෙටි කාලයක් මෙම ගස් “ලොස්ට් වර්ල්ඩ්” ලෙස හැඳින්වෙන ස්කොට්ස් නිම්නයේ ආකර්ෂණීය කොටසක් විය. එක් අවස්ථාවක වෝල්ට් ඩිස්නි පාවා මෙම ගස් පිළිබඳව උනන්දු විය. Circus Trees හෝ Axel Erlandson ගේ ජීවිතය සහ කතා පිළිබඳ වැඩි විස්තර සඳහා, Axel ගේ දියණිය වන Wilma Erlandson විසින් ලියන ලද විශේෂ ප්රකාශනයක් වන My Father Talked to Trees අන්තර්ගතය.
3. Divi Divi Trees
Aruba ලෙස ගූගල් කළ විට, මෙම විකෘති වූ, සුළඟට ගසාගෙන යන ගසේ ඡායාරූප රාශියක් ඔබට වහාම පෙනෙනු ඇත. ප්රදේශවාසීන් එය දිවි-දිවි ලෙසත්, අරවක් ලෙසත් නම් කරයි. එහි විද්යාත්මක වර්ගීකරණය සීසල්පීනියා කොරියාරියාය. මෙම ශාකයේ උස අඩි 50කි. වෙරළබඩ ප්රදේශවල වැවෙන ශාකයන් හරහා තද සුළං හමා යෑම හේතුවෙන් මේ ශාකය සාමාන්ය ගසකට වඩා වෙනස් විකෘති පෙනුමකින් යුක්ත වෙයි. එම නිසා එය නිතරම නිරිත දිශාවට හැරී පවතින මාලිමාවක් ලෙසට අර්ථ විග්රහ වේ. ඒ නමුදු දැඩි සුළං නොමැති ප්රදේශවල සාමාන්ය ගසක ස්වරූපයෙන් වැඩෙයි.
4. Socotra dragon tree
“Socotra dragon” ගස යනු වාණිජ භාවිතයේ දිගු ඉතිහාසයක් ඇති සංකේතාත්මක ගසකි. එමෙන්ම ශාක ලෝකයේ ඇති තවත් දුර්ලභ ශාකයකි මෙය.
ඝන, කුඩ හැඩැති වියනකින් සෙවණ ලද මූල පද්ධති ඇත. මෙම ගස අමුතු පෙනුමකින්ද යුක්තය. එපමණක් නොව මෙම ශාකය සොකොට්රා නම් මෙම ප්රදේශයටම ආවේණික වූවකි. මෙම ගසෙන් රතු පැහැයෙන් යුක්ත ද්රාවණයක් වෑහෙන හෙයින් “මකර ලේ ගස” ලෙසට අර්ථ විග්රහ වේ. එමෙන්ම මෙම ගස විශාල බිම්මලක හැඩයෙන් යුක්ත බව ප්රකාශ කළ යුතුමය.
මෙම ශාකයේ රතු පැහැ ද්රාවණය වර්ණයන් නිෂ්පාදනයට භාවිත කරන අතර විවිධ රූපලාවණ්ය කටයුතු සඳහාත් මෙය භාවිත කෙරෙන බව මූලාශ්රගත තොරතුරුවල සඳහන්ය. උඳුගොව්වන් කෑම, උදරාබාධ සහ මැලේරියාව වැනි රෝගවලට ප්රතිකාර විධියටත් මේ ශාකයේ නිකුත් වෙන එම ද්රාවණය වැසියන් යොදා ගනී. මවුවරුන්ගේ කිරි වර්ධනය කරන ඔෟෂධයක් ලෙසටද භාවිත කෙරේ. Dragon Blood ශාකයක් වසර 600 – 1000 තරම් දක්වා කාලයක ජීවිත කාලයකින් යුක්තය. ඒ නමුත් ඉතිරිව ඇති මේ ශාක අතරින් ඇතැම් ගස් සොකොට්රා දූපත හරහා නිරන්තරයෙන් හමා යන කුණාටු හේතුවෙන් මුලින්ම ඉදිරී වැටේ. ඒ හේතුවෙන් වත්මනය වන විට මෙම ශාකය දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇත.
5. Juniper
ජුනිපර් යනු Cupressaceae නම් සයිප්රස් පවුලට අයත් ගස් සහ ප¾දුරු වේ. ජුනිපර් විශේෂ 50ත් 67ත් අතර ප්රමාණයක් උතුරු අර්ධගෝලයේ, ආක්ටික්, දකුණේ සිට නිවර්තන අප්රිකාව දක්වා, බටහිර, මධ්යම සහ දකුණු ආසියාවේ මෙම ශාකය බහුලව දක්නට හැකිය. මෙය ඉහළ ශක්තිමත් ගුණාංගයන්ගෙන් යුක්තය.
මේ ශාකයේ විශේෂත්වය වන්නේ අධික වේගයෙන් සුළං හමායෑමේ ඉහළ උන්නතාංශයක පවා නොනැසී සිටීමට හැකිවීම. අඩි 26ක් පමණ උසට වර්ධනය වන මේ ශාකය ලවණ මුසු වාතය අධික වර්ෂාපතනය සහ වෙරළබඩ ප්රදේශයන්වල පීඩන තත්ත්වයන්ටද ඉතාමත් හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා. මේ ශාකය 3200 සිට 10000 දක්වා වූ ඉහළ උන්නතාංශයන්වල වැඩෙන ශාකයක් ලෙස හ¾දුනාගන්නට හැකියි.
මේ ශාකයේ කඳ නිර්මාණය වෙන්නේ සුළං විසින් එය තල්ලු කරන දිශාවට ගැළපෙන ආකාරයට වන අතර මිය යනවා වෙනුවට මේ ශාකය නොනැසී පවතින්නට විශාල සටනක් කරන බව ඒ ශාකය වැඩී ඇති ස්වරූපයෙන් පෙනෙයි. ඇතැම් ගස් ක¾දු ස්වරූපයෙන් දක්නට හැකිය.
6. Sierra redwood
මෙහි විද්යාත්මක නාමය වන්නේ Sequoiadendron Giganteum සයිප්රස් පවුලේ විශාලතම ගසද මෙය වේ. සාමාන්ය පිරමීඩ හැඩයෙන් යුක්ත වේ. කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩාස් හි බටහිර බෑවුම්වල මීටර් 900 සහ 2,600 (අඩි 3,000 සහ 8,500) අතර උන්නතාංශවල විසිරුණු වතුවල මෙම ගස් දක්නට ලැබේ. ඔවුන් වරක් පැරණිතම ශාකය ලෙස ප්රසිද්ධියට පත් වූ නමුත්, ගස් වළලු අධ්යයනයේදී විශාලතම කඳන් පරීක්ෂා කරන ලද අතර ඒවා වසර 4,000 ට වඩා අඩු බව සොයා ගන්නා ලදී.
විශාලතම යෝධ Sequoia නිදර්ශකය Sequoia ජාතික වනෝද්යානයේ ඇති General Sherman ගසයි. එම ගස එහි පාමුල වට ප්රමාණය මීටර් 31 (අඩි 101.5) වන අතර උස මීටර් 83 (අඩි 272.4) වන අතර මුළු ඇස්තමේන්තුගත බර ටොන් 6,167කි.
7.Baobab
මෙහි විද්යාත්මක නාමය Adansonia ය. අරාබිය, මැඩගස්කරය, අප්රිකාව, ඕස්ට්රේලියාව යනාදී රටවලට ආවේණික ශාකයක් ලෙස මෙම ශාකය දක්නට හැකිය. මෙය අසාමාන්ය බැරල් වැනි කඳකින් යුක්තය. එම සුවිශේෂී හැඩය අනුව, අරාබි පුරාවෘත්තයක පවසන්නේ “යක්ෂයා බයෝබාබ් උදුරා, එහි අතු පොළොවට තල්ලු කර, එහි මුල් වාතයේ තැබූ බවය. අප්රිකානු කලාපයේ “ජීවන වෘක්ෂය” ලෙසට මෙය හ¾දුන්වයි. ශාකයේ කඳ මීටර් 50ක වට ප්රමාණයකින් යුක්ත වන අතර උස මීටර් 30කි. මීටර් 9 (අඩි 30) ක විෂ්කම්භයක් සහ මීටර් 18 (අඩි 59) ක උසකට ළඟා විය හැකි ජල ගබඩා කඳකින් මෙය සමන්විත වීම වෙසෙසින්ම දැක්විය යුතුය.
මිහි මාතාවගේ අපූරු නිමැවුමක් වන ශාක ලෝකයේ අපූරුතර ශාක වර්ග කීපයක් පිළිබඳව පමණි. මෙලෙස විවරණය කරේ. ඔබෙත් මගෙත් නෙත් වශී කරන මෙවන් වූ නිර්මාණ මේ විශ්වය පුරා තව කොතෙක් ඇත්ද ?
සංකල්පනී පතිරගේ
උපුටා ගැනීමකි..
108 Views
131 Views
184 Views
191 Views
82 Views
150 Views
156 Views
175 Views
97 Views
128 Views
585 Views
266 Views
270 Views
58 Views
52 Views
43 Views
43 Views
38 Views