ශරීරයේ බර කිලෝ 7කින් අඩුකරගන්න මෙන්න නියම විසඳුමක්
Tuesday, 04 April 2017 - 12:38 | Views - 14,542
වර්තමානයේ බොහෝදෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි තරබාරුකම. මේ තරබාරුකම අඩුකරගන්න විවිධ දේ කරත් ඒවා නිශ්ඵල වෙන අවස්ථා බොහොමයි.
මේ තරබාරුකම දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බොහෝ භයානක් ලෙඩ රෝගවලට මූලිකවන කරුණක්. මේ රෝගවලට ගොදුරුවීමට වයස් භේදයක් නොමැති බවද විශේෂයෙන් මතක තබා ගත යුතුයි. මේ ලිපියෙන් කියවෙන ස්වභාවික අමුද්‍රව්‍යවලින් සකසා ගත හැකි පානයෙන් ඔබට පුළුවන් වේවි ඔබේ ශරීරයේ බර කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් ඉක්මණින් අඩු කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
කොළ පාට ඇපල් ගෙඩි 1ක්,
සූදූරු මේස හැඳි 1ක්,
වතුර කෝප්ප 1ක්
සාදාගන්නා ආකාරය:
මුලින්ම ඇපල් ගෙඩිය කුඩා කැබලිවලට කපාගන්න. ඊට පසු භාජනයකට වතුර කොප්පය දමා ලිපේ තබන්න. එයට ඇපල් කැබලි හා සූදුරු එක්කර මිනිත්තු 15ක් 20ක් අතර පෙණ නගින තුරු රත් කරන්න. ඊට පසු එය පෙරණයක් භාවිතයෙන් පෙරාගෙන කොප්පයකට දමාගන්න.
භාවිතා කිරීමට උපදෙස්
සාදාගත් පානය උදෑසන ආහාර වේලෙන් පසුව පමණක් භාවිතා කරන්න.
විශේෂ උපදෙස් - මෙය රාත්‍රී කාලයේදී පානය කිරිමෙන් කිසිඳු ප්‍රතිපලයක් නොමැති බැවින් රාත්‍රියේදී පානය කිරිමෙන් වළකින්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article