ChatGPT කෘතිම බුද්ධි යෙදවුමට, තහනමක් ?
Monday, 03 April 2023 - 9:00 | Views - 859
ලොව වැඩිම වේගයකින් ජනප්‍රිය වූ ChatGPT කෘතිම බුද්ධි ‍යෙදවුම තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, එම යෙදවුම තහනම් කළ ප්‍රථම බටහිර රට බවට ඉතාලිය පත් වුණා.

ඉතාලියේ දත්ත ආරක්ෂන අධිකාරිය චෝදනා කරන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ OpenAI ආයතනය Microsoft සමගමේ සහාය ඇතුව නිර්මාණය කළ මෙම කෘතිම බුද්ධි යෙදවුම හරහා පුද්ගලිකත්වයට හානිවන අනාවරණයන් සිදුවන බවයි.

මීට පෙර චීනය, ඉරානය, උතුරු කොරියාව සහ රුසියාව ChatGPT තහනම් කිරීමට කටයුතු කර තිබුණා.

2022 නොවැම්බර් මාසයේ දී හඳුන්වා දුන් ChatGPT, ඉතාම සීග්‍රයෙන් ලොව පුරා ජනප්‍රිය කෘතිම බුද්ධි මෙවලමක් බවට පත් වුණා.

මිනිසුන් විසින් වචන භාවිතයෙන් සිදු කරන නියෝගවලට මිනිසුන් භාවිතා කරන භාෂා විලාසයන්ට සමාන ලෙස පිළිතුරු දීමට ChatGPT හට හැකියාව තිබෙනවා.

අන්තර්ජාලයේ 2021 දක්වා ඇති දත්ත භාවිතා කරන මෙම මෙවලම නිසා බොහෝ රැකියාවන් අභාවයට යාමට හැකි බවට මත පළ වුණා.

කෙසේ වෙතත් දුස්තොරතුරු සහ පාක්ෂික තොරතුරු ChatGPT හරහා ලබාදෙන බවට එල්ල වූ චෝදනා සමග තාක්ෂණ ක්ෂෙත්‍රයේ දැවැන්තයන් රැසක් මෙවැනි කෘතිම බුද්ධි මෙවලම් ගැන සිය විරෝධය දැක්වීමට කටයුතු කර තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top