
Network marketingවලින් ගොඩයන්න පුළුවන්ද? සටහන කියවාගෙන ආපු බොහෝ දෙනෙක් මේ ප්රශ්නයට පිළිතුර ‘බැහැ’ කියලා හිතුවට, නිවැරදි පිළිතුර network marketingවලින් සාර්ථක වෙන්න පුළුවන් කියන එකයි. ව්යාපාර සාර්ථකත්වය සඳහා network marketing ප්රායෝගිකව භාවිත කරන්නට පුළුවන් කියන එකයි.
network marketing කරලා මාසෙට ලක්ෂයක් උපයන්න බැරි වුණත්, අම්මව දඹදිව ගෙනියන්න බැරි වුණත්, බෙන්ස් එකක්, ලැම්බොගිනියක් ගන්න බැරි වුණත් network marketingවල අති සූක්ෂ්ම අලෙවි ක්රම, මානව සබඳතා උපක්රම සහ අභිප්රේරණ ක්රම ඔබට ලබාගන්නට පුළුවන්. ලබාගෙන ඔබේ ව්යාපාරයේ දියුණුව සඳහා ප්රායෝගිකව භාවිත කරන්න පුළුවන්.
Wash your brain with network marketing ‐ 2017 වසර අවසානය වෙද්දි මම නෙට්වර්ක් මාකටින් සාර්ථකත්වය සඳහා සුදුසු මාර්ගයක් නොවන බවට නිල වශයෙන් සහතික කරගන්නවා. ඒ අවස්ථා කිහිපයකම තේරුමක් නැති උත්සාහයන් කිහිපයක් කරලා පස්සෙ සාර්ථකත්වයට කෙටි මාර්ග නැති බව අවධාරණය කරගෙන. ඒත් මගේ ව්යාපාරයට යම් යම් ගැටලු ඇතිවෙද්දි, බාහිර පාර්ශ්වයක අභිප්රේරණයක් අවශ්ය වෙද්දි මම අදටත් දෙපාරක් නොසිතාම නෙට්වර්ක් මාකටින් ආයතනයක සැසියකට එකතු වෙනවා. ඒ සැසියේ ලබාදෙන අභිප්රේරණය මට ගැළපෙන ආකාරයකට ලබාගන්නවා. වැදගත්ම දේ මම ඒ හැම සැසියකට සහභාගි වෙන්නෙ ඔවුන්ගේ ඉලක්ක මගේ ඉලක්ක වගේම ඒවායේ නියම ස්වභාවය තේරුම් අරගෙන. මම නෙට්වර්ක් මාකටර් කෙනෙක් විධියට ඉන් අනතුරුව ක්රියාත්මක නොවුණට ඔවුන්ගේ මොළ ශෝධනය කිරීම අභිප්රේරණය කිරීම මම මගේ ඉදිරි පියවර වෙනුවෙන් භාවිත කරනවා.
Get all those selling methods – අනෙක් වැදගත්ම දේ වෙන්නෙ මෙම ආයතනවලින් උගන්වන අලෙවි ක්රමවේද. නෙට්වර්ක් මාකටින් දිගටම නොකරන කෙනෙක්ට වුණත් ටිකක් සැනෙසිල්ලෙ හිතලා බලනවා නම් මේ ආයතනවල භාවිත කරන සාර්ථක අලෙවි උපක්රම තමන්ගෙ ව්යාපාරයේ දියුණුව සඳහා භාවිත කරන්න පුළුවන්. මේ ක්රමවේදය මේ වෙද්දිත් ඇතැම් ප්රසිද්ධ ව්යාපාරිකයො භාවිත කරනවා. ඔවුන් නෙට්වර්ක් මාකටර්ස්ලා නොවී තමන්ගේම ව්යාපාරයේ චෙයාමන්ලා විධියට මේ ක්රමවේද ප්රයෝජනයට ගන්නවා.
Steal their secrets – මානව සම්බන්ධතා ගොඩනඟා ගන්නේ කොහොමද අනිකාව මේ සඳහා පොලඹවා ගන්නේ කොහොමද කියන දේ මේ ආයතන නිරන්තරයෙන් කතා කරන දෙයක්. මෙරට බොහෝ නෙට්වර්ක් මාකටින් ආයතන මේ සඳහා බොහෝ විට ඩේල් කානගී වැනි අති සාර්ථක මිනිස්සු භාවිත කරපු සියුම් ආකර්ෂණ ක්රමවේද ප්රායෝගිකව භාවිත කරනවා. නෙට්වර්ක් මාකටින් කරන කෙනෙක්ට ඉතා අවධානයෙන් සූක්ෂ්මව මේ ක්රමවේද ග්රහණය කරගන්න පුළුවන් නම්, ඒවා තමන්ගේ ව්යාපාරයේ අනාගතය සඳහා සාර්ථකව භාවිත කරන්න පුළුවන්. ව්යාපාරික අරමුණු ප්රදර්ශනය නොකර සාර්ථක විධියට තමන්ගෙ ව්යාපාරය වටා පාරිභෝගිකයො ඒකරාශී කරගන්න පුළුවන්.
නෙට්වර්ක් මාකටින්වලින් ගොඩයන්න පුළුවන්. ඒ නෙට්වර්ක් මාකටින්වලින් ව්යවසායකයෙක් වෙන්න හිතලා නෙවෙයි. නෙට්වර්ක් මාකටර් කෙනෙක් වෙලා අම්මව දඹදිව ගෙනියන්න හරි, බෙන්ස් එකක් ගන්න හිතලා හරි නෙවෙයි. නෙට්වර්ක් මාකටින්වල ව්යාපාරික උපක්රම සාර්ථක ව්යවසායකයෙක් විධියට තමන්ගේ ව්යාපාරයට භාවිත කරලා. මානව සම්බන්ධතා ගොඩනැඟීමට අදාළ සාර්ථක උපක්රම පුරුදු පුහුණු කරලා. සාර්ථකත්වයට කෙටි මාර්ග නැහැ. කෙටි මාර්ග තිබුණත් ඒවා සාර්ථක නැහැ. දැලේ පැටලෙන්න එපා. ඒත් දැල බලන්න යන්න. දැල බලලා ඇවිත් මාළු අල්ලන්න තමන්ගෙම කියලා දැලක් වියන්න.
- ප්රමේෂ් වික්රමසිංහ
මව්බිම
110 Views
134 Views
187 Views
197 Views
85 Views
153 Views
157 Views
179 Views
99 Views
131 Views
589 Views
269 Views
272 Views
74 Views
44 Views
44 Views
38 Views