
හිරු පවුල, එසේත් නැතිනම් අප සෞරග්රහ මණ්ඩලයේ ‘ලොකුම පවුල’ ගැන කියන්නයි මේ හදන්නේ. අපේ සෞරග්රහ මණ්ඩලය තුළ සිටින ග්රහයන් අතරින්, මේ වන තෙක් වැඩි ම පරිවාර චන්ද්රයන් (උප ග්රහයන්) සිටින බවට හඳුනාගෙන සිටියේ සෙනසුරු ග්රහයායි. වළලුවලින් පිරුණු සෙනසුරුට චන්ද්රයන් 83 ක් සිටින බව තාරකා විද්යාඥයෝ කියති. ඒත් දැන්, සෞරග්රහ මණ්ඩලයේ වැඩිම චන්ද්රයන්; එසේත් නැතිනම් පරිවාර ග්රහයන් ඇති ග්රහලෝකය සෙනසුරු නොවෙයි. සෙනසුරුගේ තැන ගත්තේ බෘහස්පති හෙවත් ගුරු ග්රහයාය. පසුගිය දා අලුතින් සොයා ගනු ලැබූ චන්ද්රයන් 12 දෙනාත් සමඟ බෘහස්පතිට අයත් චන්ද්රයන් ගණන 92 ක් බව තාරකා විද්යාඥයෝ පවසති.
අලුතින් සොයා ගත්, බෘහස්පතිගේ චන්ද්රයන් බොහොමයක් ප්රමාණයෙන් ඉතා කුඩාය. ඒවා කිලෝමීටර් 1 සිට 3.2 ක් දක්වා වූ විෂ්කම්භයක් ඇති ඒවා යැයි පැවැසෙයි. ඒවායින් ද වැඩි ප්රමාණයක්, විශාල පුළුල්ව පැතිරුණු කක්ෂවල ගමන් කරන අතර, ඒවාට බෘහස්පතී වටා එක් වරක් යාමට දින 550 ක් පමණ කාලයක් ගත වන බව විද්යාඥයෝ පැහැදිලි කරති. අලුතින් සොයා ගත් ඇතැම් චන්ද්රයන් ගමන් කරන බව පැවැසෙන්නේ, බෘහස්පතී හිරු වටා යන අතට නොවම, අනෙක් අතටය. බෘහස්පතීට බොහෝ දුරින් ගිය මේවා කලින් සලකනු ලැබුවේ ග්රහක ලෙසය. ඒත් දැන් බෘහස්පතී කක්ෂයක ස්ථිර ව පිහිටන බැවින්; මේවා බෘහස්පතිගේ මේ චන්ද්රයන් එසේත් නැතිනම් පරිවාර ග්රහයන් ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
මෙම නව චන්ද්රයන් සොයා ගනු ලැබුවේ 2021 හා 2022 අවුරුදුවලය. ඒවා බෘහස්පතිගේ චන්ද්රයන් බව නිල වශයෙන් නතහවුරු කිරීම සිදුවූයේ පසුගිය දිනෙකය. මෙම චන්ද්රයන් මුලින්ම සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ‘කානගී’ විද්යායතනයේ තාරකා විද්යාඥ ස්කොට් ෂෙපර්ඩ්ටය. ඔහු ඒ බව අන්තර්ජාතික තාරකා විද්යා සංගමයේ කුඩා ග්රහලෝක පිළිබඳ මධ්යස්ථානයට වාර්තා කළේය. සෞරග්රහ මණ්ඩලයේ ඇති කුඩා ග්රහ වස්තූන් පිළිබඳ විද්යාත්මක නිරීක්ෂණ සිදු කරන්නේ මෙම ආයතනයයි. ඒ අනුව, අන්තර්ජාතික තාරකා විද්යා සංගමය ෂෙපර්ඩ් ලබා දුන් දත්ත සහ තොරතුරු වැඩි දුර විශ්ලේෂණය කිරීමෙන් පසු නව චන්ද්රයන් 12 දෙනා බෘහස්පතිට අයත් ඒවා බව තහවුරු කළේය. ඉන්පසු ඒවා බෘහස්පතීගේ චන්ද්රයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුණි.
ඒ අනුව, 1610 වසරේදී ගැලීලියෝ ගැලීලි විසින් සොයා ගන්නා ලද ඉයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ ආදී චන්ද්ර නාමාවලියට මෙම නව චන්ද්රයන් ද ඇතුළත් වෙයි. ඒ ඉයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ යන චන්ද්රයන් අතරින් ගැනිමීඩ් බුද ග්රහයාටත් වඩා විශාලයි. අපේ සෞරග්රහ මණ්ඩලයේ ඇති ලොකුම චන්ද්රයා ලෙස සැලකෙන්නේ ගැනිමීඩ්ය. අලුතින් සොයාගත් චන්ද්රයන්ට තවමත් නම් තබා නැහැ. ඉදිරි කාලයේ දී ඒවාට කුඩා ග්රහලෝක පිළිබඳ මධ්යස්ථානයෙන් අංක ලබා දෙනු ඇත. අන්තර්ජාතික තාරකා විද්යා සංගමය නම් තබන්නේ කි.මී. 2.4කට වඩා විශාල ඒවාට පමණි. අනිත් ඒවාට ලැබෙන්නේ අංකයක් පමණි. ඒ අනුව, නම් ලැබෙන්නේ අලුතින් සොයා ගත් චන්ද්රයන්ගෙන් අඩකට පමණි. අනෙක්වා හැඳින්වෙනු ඇත්තේ අංකවලිනි.
බෘහස්පතී, සෙනසුරු, නෙප්චූන් සහ යුරේනස් යන ග්රහයන් සිවු දෙනා පෘථිවියට වඩා බොහෝ ඈතින් පිහිටා ඇති බැවින්, ඒවාට අයත් චන්ද්රයන් තවත් බොහෝ දෙනකු සිටිය හැකි බව පැවැසෙයි. ඒවා එකිනෙක සොයා ගැනීමට හැකිවනු ඇතැයි තාරකා විද්යාඥයන්ගේ අදහසය. දැනට නෙප්චූන්ට චන්ද්රයන් 14 ක් ද, යුරේනස්ට චන්ද්රයන් 27 ක් ද ඇතැයි තහවුරු කර ගෙන තිබේ. ෂෙපර්ඩ් ඇතුළු කණ්ඩායම, බෘහස්පතිගේ නව චන්ද්රයන් සොයා ගැනීම කළේ හවායි ඇති සුබාරු දුරේක්ෂයත්, චිලි රටේ ඇති බ්ලැන්කෝ දුරේක්ෂයත් ආධාරයෙනි. යෝධ ග්රහයන් වටා චන්ද්රයන් එකිනෙක ගැටීම නිසා දෙකඩ වී තවත් චන්ද්රයන් ගණන අනාගතයේ දී වැඩි වේවි යැයි ෂෙපර්ඩ්ගේ අදහසය. අප සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක ඇත්තේ 8 කි. හිරුගේ සිට පිළිවෙළින් ඒවා බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ය. බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ට අමතරව සෙසු ග්රහලෝක දෙස බැලුවොත්, බුද සහ සිකුරුට චන්ද්රයන් නැත. පෘථිවියේ අපට එක් චන්ද්රයකු සිටී. අප සඳ එසේත් නැතිනම් චන්ද්රයා යනුවෙන් එය හඳුන්වයි. අඟහරුට සිටින චන්ද්රයන් ගණන දෙකකි.
බෘහස්පතී (ඉංග්රීසියෙන් ජුපිටර්) යනු හිරුගේ සිට පස්වැනි ස්ථානයේ ඇති ග්රහලෝකයයි. සෞරග්රහ මණ්ඩලයේ නිර්මාණය වුණු පළමු ග්රහලෝකය ලෙස සැලකෙන්නේ ද බෘහස්පතිය. එපමණක් නොව; බෘහස්පති යෝධයෙකි. සෞරග්රහ මණ්ඩලයේ විශාලතම ග්රහලෝකය බෘහස්පතිය. යෝධයකු වුවත් බෘහස්පති වායු ග්රහයෙකි. ප්රධාන වශයෙන් සමන්විත වන්නේ හයිඩ්රජන් හා හීලියම් යන වායුවලිනි. බෘහස්පති, සෙනසුරු, නෙප්චූන් සහ යුරේනස් අප සෞරග්රහ මණ්ඩලයේ වායු ග්රහයන් ලෙස සැලකෙයි. බෘහස්පතිට හිරු වටා යෑමට ගතවන කාලය වසර 12 ක්; දවසක්; පැය 9 ක් සහ මිනිත්තු 56 කි. බෘහස්පති යෝධයාගේ මතුපිට පෘෂ්ඨය වර්ග කි.මී. බිලියන 61.42 කි. බෘහස්පති පිහිටන්නේ හිරුගේ සිට කිලෝ මීටර් මිලියන 750 ක් දුරිනි.
'ලයිව් සයන්ස්' ඇසුරිනි..
110 Views
134 Views
187 Views
197 Views
85 Views
153 Views
157 Views
179 Views
99 Views
131 Views
589 Views
269 Views
272 Views
74 Views
44 Views
44 Views
38 Views