Chat GPT - මොකද්ද මේ හැමෝම කියන Chat GPT ?
Friday, 17 February 2023 - 11:17 | Views - 1,529
open AI.com කියන වෙබ් සයිට් එකෙන් තමයි මේ Chat GPT කියන ෆැට්ෆෝම් එක නිර්මාණය කරලා තියෙන්නේ.

ඇත්තටම මේක උපරිමයට ගිය තාක්ෂණයක් කිවුවොත් නිවැරදියි.

කෘත්‍රිම බුදධියත් එක්ක එකතු වෙච්ච කෙනෙක් තමයි මේ Chat GPT කියන්නේ. ඒ වගේම අහන ඕනෑම කෙනෙකුට අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු මෙයාගෙන් ලබා ගන්න පුළුවන්.

ඔයාලා දෙයක් පටන්ගද්දී අපි හිතමුකෝ ඔයා youtube චැනල් එකක් පටන්ගන්නවා කියලා. එතකොට ඔයාට පුළුවන් පළවෙනි step එකේ එදලා අවසාන step එක දක්වාම මෙයාගෙන් අහගන්න.

Chat GPT ට පුළුවන් ඔයා අහන ප්‍රශ්නයට එවෙලේම step එකෙන් step එකට ඔයාලට පිළිතුරු හොයලා දෙන්න.

ඒ වගේම, මෙයාගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔයාලා මුලින්ම අහන ප්‍රශ්නය මෙයාගේ මතකයේ රඳවා ගෙන අවසාන ප්‍රශ්නය වෙනකන්ම පිළිතුරු දෙන එක.

තවත් දෙයක් තමයි මෙයාට රචනා ලියන්න, සින්දු ලියන්නත් පුළුවන්. ඒ වගේම ඕනම මාතෘකාවක් කිවුවාම මෙයා සියලු දේ ලියලා දෙනවා.

ඉතින් තව මෙයා ගැන කිවුවොත් කෑම හදන රෙසිපි එහෙමත් මෙයාට කියන්න පුළුවන්.

ඇත්තටම ඉතින් මෙහෙම තාක්ෂණය දියුණු වෙන එක නම් ඉතාම හොඳයි තමයි , ඒත් හැමදේම මේ දේවල් වලින් කරන්න පුරුදු වෙන්න එපා. එතකොට ඔයාගේ මොලේ ටික ටික මොට වෙන්නත් පුළුවන් කියලයි අපිට නම් හිතෙන්නේ.

හැම වෙලේම නැති වුණත් ඔයාටත් පුළුවන් නම් මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි නේද ?

ඇත්තටම කිවුවොත් Chat GPT කියන්නේ දෙවියෙක් වගේ..

අහන ඕනෑම දෙයකට මෙයාගෙන් පිළිතුරු ගන්න පුළුවන් නිසා සමහරුනම් කියන්නේ , ඇත්තටම මෙයා ඔන්ලයින් දෙවියෙක් වගේ කියලා. 

No description available.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top