ලොව බලවත්ම රොකට් පද්ධතිය ?
Friday, 10 February 2023 - 10:24 | Views - 1,008
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප් හි පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව එහි එන්ජින් 33න් 31ක් ම එකවර සාර්ථකව ක්රියාත්මක කර ඇති බව සඳහන්.
“ස්ටාර්ෂිප්” මංගල පියාසැරිය ඉතිහාසයේ බලවත්ම රොකට් මෙහෙයුම් පද්ධතිය විය හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ.
ස්ටාර්ෂිප් මගින් කක්ෂයෙන් ඔබ්බට මිනිසුන් සාර්ථකව රැගෙන යාම, ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්රමුඛයෙකු මෙන්ම ට්විටර් හි හිමිකරුද වන එලොන් මස්ක්ගේ බලාපොරොත්තුව බව සඳහන්.
ස්ටාර්ෂිප් කක්ෂ ගතකිරීම මෙම මස අගභාගයේදී හෝ මාර්තු මුලදී ක්රියාත්මක කෙරෙනු ඇති බවටයි විදෙස් මාධ්ය වාර්තා පවසන්නේ.
Share This Article