සඳට ගිය නාසා යානය පෘථිවිය බලා ආපසු
Monday, 12 December 2022 - 16:52 | Views - 1,215

අමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් ලෙස, සඳට යැවූ ‘ඔරායන්’ චන්ද්ර යානය යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.යානය සඳට ගොඩබෑමක් නොකළ අතර, එය ආපසු පෘථිවිය බලා පැමිණෙන්නේ සඳුගේ කක්ෂයට පිවිස සඳ වටා ගමන් කිරීමෙන් පසුවය. ‘ඔරායන්’ යානය සඳට යැවීම සිදුවූයේ ‘ආර්ටිමිස් 1’ චන්ද්ර මෙහෙයුම යටතේය.ප්රමාදයන් රැසකින් පසු, නාසා ආයතනය, ඔවුන්ගේ අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ අධි බලැති රොකට් පද්ධතිය යොදා ගනිමින් ‘ඔරායන්’ යානය අභ්යවකාශයට තල්ලු කළේ පසුගිය නොවැම්බර් 16 වැනිදාය.‘ඔරායන්’ යානය, සඳට ළං වී, සඳුගේ කක්ෂයට පිවිස සඳ වටා ගමන් කළේය. ගමන් වාර කීපයකින් පසු එය යළි පෘථිවිය බලා පැමිණීම ආරම්භ කෙරුණි.ඒ අනුව, යානය මේ වනවිට පෘථිවිය බලා පැමිණෙමින් ඇති බවත් ලබන දෙසැම්බර් 11 වැනිදා යානය පැරෂූට් ආධාරයෙන් පෘථිවියට පතිත කෙරෙනු ඇති බවත් සඳහන් වනවා.‘ඔරායන්’ යනු මිනිසුන් රැගෙන යෑමට නිර්මාණය කළ යානයකි. පසුගිය 26 වැනිදා ‘ඔරියන්’ යානය වාර්තා අතරට ද එක් විය. ඒ, යානය පෘථිවියේ සිට සැතපුම් 2,48,655 ක් ඈතට ගමන් කරමින්,‘ඔරියන්’ යානය ඇතුළත් ‘ආර්ටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ නාසා ආයතනය 2024 වෙද්දී, ‘ආර්ටිමිස් 2’ යටතේ ගගනගාමීන් සඳට යැවීමට බලාපොරොත්තු වෙන බවද සඳහන්.-(ඒ.එෆ්.පී.)
-උපුටා ගැනීම - ලංකාදීප
Share This Article