Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
මිසිස් ග්‍රෑන්ඩ් තරගයට ගිය සුරූපිනියගෙන් තවත් වීඩියෝවක්..(Video & Photos)
Sunday, 27 November 2022 - 16:40 |
Views
- 8,027
මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 පසුගියදා මියන්මාරයේ මණ්ඩලේ නුවරදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ රසාංගි චාමිකා විතානවසම් එම දැක්මට සහභාගී වීමෙන් පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙළේ මාධ්‍ය හමුවක් ද පවත්වමිනු යි.
ඇය පැවසුවේ මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 ජාතික සංවිධායකවරයා තමන්ගේ මුදල් වංචා කළ බවත් එම කිරුළ ලබා ගැනීම දක්වා යාමට නම් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවයි.
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම කිසිසේත්ම සුළුකොට තැකිය හැක්කක් නොවේ.
නීතියට අනුව නම් එවැනි හැඟීමකින් කාන්තාවක් දෙස බැලීම පවා අපරාධ ගණයට අයත් වනවා.
කෙසේ හෝ වේවා, ඇගේ මේ හෙළිදරව්ව තතු නොදත් බොහෝ දෙනෙක්ගේ හාස්‍යයට ලක්වුණා.
තවත් පිරිසක් ඇයව සමච්චලයට ලක් කරන අයුරුද දැක ගත හැකි වුණා.
නමුත් ඇය නිර්භයව දිගින් දිගටම මෙම අසාධාරණය වෙනුවෙන් නොනවත්වා හඬ දුන් අයුරු දැකගත හැකි වුණා.
එසේ හඬ දුන් ඇය අවසානයේ මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
ඒ සටහනක් ද සමඟිනු යි.
හැමොම මගෙ අවුරුදු එකහාමාරකට කලින් voice clip එකක් ගැනනේ කතා කරන්නේ...
ඒක දැන් ඉවරයී...
එන්න අපි දෙවනී කතාව අහමූ....
ඒක ඊට වඩා රසවත්...
පටලවාගන්න එපා.. මේකත් අද ඊයේ එකක් නෙමෙයී.හුරතල් වෙලා voice recording අරන් ඊට පස්සෙ පොලීසී ගියාට පස්සෙ සිදු වූ සිදුවීමක්...
මං මෙතුමව මුලින්ම පොලිසී ගෙනිච්ච වෙලේ.මගෙ සල්ලි දීලා පැත්තකට උනා නම්, මේ ප්‍රශ්න කිසිවක් නෑනේ.කොහෙද ඇහුවේ නෑනේ. ඔහොම තමයී හැම ගහටම කොටලා කෙසෙල් ගහට කෙටුවාම වෙන්නෙ...
අන්තර්ජාතික Mrss Grand International 2022 තරගයට ඉදිරිපත් වූ තමන්ගෙන් එම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් චාමිකා විතානවසම් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා. එම මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව ඇය ගැන විවිධ පුවත් හතර අතේ පළවෙන්න පටන්ගත්තා. දැන් ඇය මේ ගැන කියන්නේ වෙනස්ම කතාවක්.
"මම මිසිස් ඉන්ටර්නැෂනල් තරගයට සහභාගි වෙන්න පසුගිය මාසයේ හය වැනිදා මියන්මාරය බලා පිටත්ව ගියා. ඒ රටට ගියාට පස්සෙ නවාතැන් ගන්න මගේ නැෂනල් ඩිරෙක්ටර් මලිත් රණසිංහ මහත්මයා ‘සිඩ්නි. කියන හෝටලයේ අවසරපතක් දීල කිව්ව සංවිධායක කමිටුවෙන් හරි” හොටෙල් එකෙන් හරි මාව ගන්න එනව කියල. පසුව මගේ මුදල් වියදම් කරගෙන හොටෙල් එකට ගියා. එතනදි මාව බොහොම වැදගත් විදිහට පිළිගත්ත. මේ තරගයට ඉදිරිපත් වෙන්න ඇමරිකාවෙන් ආපු තවත් කාන්තාවක් මේ හෝටලයේම නවාතැන් ගෙන තිබුණ. ඇයවයි මාවයි අදාළ තැනට ගෙනියන්න සංවිධායක කමිටුවෙන් කෙනෙක් එවල තිබුණ. එයා අපිව අරගෙන ගියේ බස් එකේ. ගමන පිටත්වෙන්න කලින් ඒ නියෝජිතයා මට කියනව” මිස්” ඔයා හොටෙල් එකේ බිල් එක ගෙවලා නැහැ” ඒක ගෙවල ඉන්න කියල. එතනදි මම කිව්ව මගේ නැෂනල් ඩිරෙක්ටර් සංවිධායක කමිටුවට ගෙවල තියෙන්නෙ” මෙහෙන් ඒක ගෙවනව කිව්ව” ඔයා නැවත වතාවක් පරීක්ෂා කරල බලන්න කියල. නමුත් ඒ නියෝජිතය කිව්ව මම තහවුරු කරල කියන්නෙ” මිස් තමයි ගෙවන්න ඕන කියල. මම කිව්ව” මට ලෙටර් එකක් දෙන්න මම බිල් එක ගෙව්ව කියල” ඉන් පස්සෙ මම ගෙවන්නම් කියල. ඒක ඩොලර් පණහක පමණ මුදලක්.
අපි එතැනින් පිටත් වෙලා අපි ගියේ සැලෝ කියන හොටෙල් එකට. එතැනදිත් මට හොඳ පිළිගැනීමක් තිබුණ. ෆොටෝ ෂූට් එකක් පවා කළා. 08 වැනිදා පටන් 14 වැනිදා දක්වා මම නවාතැන් ගත්තෙ ඒ හෝටලයෙ. මොකද අවසන් තරඟය තිබුණෙ 14 වැනිදා. 13 වැනිදා සංවිධායක කමිටුවෙන් මට කතාකරල කිව්ව ඔයාගෙ ජාතික සංවිධායක මලිත් රණසිංහ මහත්මයා ඔයා වෙනුවෙන් මුදල් ගෙවල නැහැ කියල. ඒ කියන්නෙ මම ඒ රටේ ඉන්න කාලසීමාව තුළ මට ලැබෙන පහසුකම් වෙනුවෙන් ගෙවන මුදල. ඒක ඩොලර් දහසක්. මම ඒ වෙලාවෙ හිටියෙ මගේ සම්මුඛ පරීක්ෂණයට සූදානම් වෙලා. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා මම මොකක්ද කරන්න ඕන කියල. එතනදි ඔවුන් කියනව ඔබ වෙනුවෙන් මුදල් ගෙවල නැති නිසා අවසන් තරගයට ඉදිරිපත් වෙන්න බැහැ” මිසිස් ශ්‍රී ලංකා අපිට සමාවෙන්න කියල.
මම ඔවුන්ට කිව්ව ඒ දේ කරන්න එපා” මලිත් මහත්මයාට කතාකරල මම පිළිතුරක් දෙන්නම් කියල. ඔවුන් ඒ වෙලාවෙ මට පැය භාගයක කාලයක් ලබා දුන්න. මම ඒ මොහොතෙම මලිත් මහත්මයාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඔහු මාව ෆේස් බුක් සමාජ ජාලයේ පවා බ්ලොක් කරල තිබුණෙ. එකම මාර්ගය තිබුණෙ වට්ස්ඇප් විතරයි. නමුත් ඒ පහසුකමත් ඔහු ඉවත් කරල තිබුණ. ඒ වෙලාවෙ මම මගේ ගෙදරට කතාකරල කිව්ව මම මේ වෙලාවෙ බෙස්ට් ටැලන්ට් සහ බෙස්ට් නැෂනල් කොස්ටියුම් කියන තරඟ අවස්ථාවන් වලට තේරිලා ඉන්නෙ” මට තමයි දිනන්න අවස්ථාව තියෙන්නෙ අනේ කොහොම හරි ඒ මුදල ගෙවන්න කියන්න කියල. ගෙදර අයටත් ඔහුව සම්බන්ධ කරගන්න බැරි වුණ තැන මගේ මල්ලිල දෙන්නෙක් කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වෙලාවෙ ස්ථානාධිපතිතුමා මලිත් මහත්මයාව සම්බන්ධකරල දුන්න. ඒ අවස්ථාවේ මුදල් ගැන කතා කරද්දි මට ලැබුණ කාලය අවසන් වෙලා තිබුණ.
විසඳුමක් නැති තැන මම මගේ මහත්තයට කථා කළා. ඔහු ඉන්නෙ ඇමරිකාවෙ. මම ඔහුට කිව්ව මුදල් ගෙවන විදිහක් මට කියන්න කියල. මොකද ලංකාවේ රාජ්‍ය බැංකුවලින් ගෙවන්න බැහැ කියල තිබුණෙ. ඔහු ඒ වෙලාවෙ ඩොලර් දහසක් ගිණුම්ගත කළා. මම සංවිධායක කමිටුවෙන් ඇහුව මුදල් දැම්මට පස්සෙ මට තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් නේද කියල. ඔවුන් ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒ අතර ගෙදර අය පොලිසිය මාර්ගයෙන් මලිත් මහත්මයාගෙන් රුපියල් තුන්ලක්ෂ අනූදහසක මුදලක් අරගෙන තිබුණ. මම අවසන් තරඟයට ඉදිරිපත් වුණාට පස්සෙ ජයග්රාහකයන්ගෙ ටයිටල් ටික කිව්ව. එතනදි මට කිසිම ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. මම ගින්දරත් එක්ක ඉදිරිපත් කළ තරඟ ඉසව්ව ඔවුන් පුදුම වෙලා බලාගෙන හිටිය. නමුත් ගෙදර අය කිව්ව අවසන් තරඟයේදි මාව වේදිකාවෙ දකින්නවත් ලැබුණේ නැහැ කියල. එතැන තිබුණ පුළුල් තිරවල පවා මාව පෙන්නල නැහැ. දැන් මගෙ අතේ තමයි වරද තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ. ඔවුන් මට කොලයක ඒ විස්තරේ ලියල දුන්න. මම කිව්ව මට දැන් කියවන්න තරම් මානසික තත්ත්වයක් නැහැ” ඒක ෆොටෝ එකක් ගහගන්නද කියල. මම අතින් මුදල් ලක්ෂ අටක් නමයක් ගෙවාගෙන ලංකාව වෙනුවෙන් තමයි ඒ තරඟයට සහභාගි වුණේ. නමුත් අවසානයේ රටවල් 25ක් ඉදිරියේ මට ලොකු අපහසුතාවකට පත්වෙන්න සිදු වුණා.
15 වැනිදා නැවත මම ලංකාවට එන්න පිටත් වෙන්න මොහොතකට කලින් ඔවුන් ඒ රටේ ලෙටර් හෙඩ් එකක් සහිත ලිපියක් මට දුන්න. මම පසුගියදා මාධ්‍ය ඉදිරියේ කතා කළේ මට සිදු වුණ අසාධාරණය ගැන. එතැනදි මාධ්‍යයත් මට කැලලක් වෙන විදිහට තමයි කතා කළේ. යූ ටියුබ් මාධ්‍යයේ වගේම ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහාත් මට විරුද්ධව මඩ ප්‍රචාර පැතිරුණා. කිසිම කෙනෙක් ලංකාවට සිදු වුණ අසාධාරණය ගැනවත්” මට සිදු වුණ අසාධාරණය ගැනවත් කතා කළේ නැහැ. වොයිස් කට් එක තමයි හැමෝටම වැදගත් වුණේ. එයා දෙතුන්වතාවක්ම මට කතා කළා. මම සැරපරුෂ විදිහට කතා කළා නම් ඒ වොයිස්කට් එක එයාගෙන් ගන්න බැහැ. හඬපටය වුණත් ඔවුන්ට මම ලබාදුන්නෙ දුන්නෙ සිද්ධිය ගැන දැගන්න පමණයි. නමුත් මාධ්‍ය ඉදිරියේ මට නොකියම ඔවුන් ඒක ඉදිරිපත් කළා. එතනින් පස්සෙ ගමේ අය” යාළුවො මට කතාකරල මොකක්ද මේ සිද්ධ වුණේ කියල අහන්න පටන් ගත්ත. අවසානයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මම මගේ නම නැති කරගත්ත වගේ දෙයක් තමයි කරගත්තේ.
තරඟයෙන් පස්සෙ මම දවස් තුනක් ඒ රටේ හිටිය. නමුත් කිසිම ඒ රටේ සංවිධායකයොවත්” මේ රටේ සංවිධායකයොවත් මං ගැන හොයල බැලුවෙ නැහැ. මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළෙත් මම නෙමෙයි. මම ඒ ගැන දන්නෙත් නැහැ. මගේ මහත්තය හරහා අපෙන් රටට කියන සිවිල් සංවිධානය හරහා මට ආරාධනා පත්‍රයක් ලැබුණ. ඒ වෙලාවෙ මම කිව්වා මේච්චර දවසක් තනියම වැදගත් විදිහට ගිහින් ඇවිත් මගේ නමත්” රටේ නමත් රැකගත්තා. ඒ නිසා මට ලැජ්ජා වෙන දෙයක් කරන්න එපා කියල. ඒ විශ්වාසය මත රෙකෝඩින් එක පවා ලබා දුන්න. නමුත් මම නොහිතපු වෙලාවක ඒක ඉදිරිපත් කළා. මගේ කතාවත් සම්පූර්ණයෙක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණෙ නැහැ. ඒක මට සිදු වුණ ලොකු අසාධාරණයක්. මම මේ හැමදේම කළේ නැවතත් තවත් කාන්තාවකට මෙවැනි දෙයක් සිදු නොවෙන්නයි.
මහේෂ් එදිරිසිංහ
Share This Article
Health & Life
අන්නාසි වල ඔබ නොදත් විස්මිත ගුණ..
Wednesday, 17 April 2024 - 13:59
103
Views
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Read More
දැන් කොන්ඩම් නිවසටම , ලබා ගන්න පුළුවන් මෙහෙමයි.. (Video)
Wednesday, 17 April 2024 - 9:07
494
Views
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Read More
මේවාට ඇබ්බැහි වෙලා නම්, ඔබත් අනතුරේ..
Thursday, 11 April 2024 - 12:31
273
Views
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Read More
රෝග නසන කරවිල යුෂවල ඇති , විශ්මිත ගුණ
Wednesday, 10 April 2024 - 13:08
168
Views
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Read More
නින්ද හරි හැටි ලැබෙන්නේ නැත්නම්, මේක කියවන්නම ඕනේ..
Wednesday, 10 April 2024 - 12:04
192
Views
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Read More
View All
Entertainment
වැඩියෙන් ලස්සන කොහොමද ? මේ ඇඳුමත් බලලාම කියන්නකෝ.. (Photos)
Wednesday, 17 April 2024
61
Views
"පුරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ..." - නොයෙන්නම ගිය පාලිත, අන්තිමට හිරුට කියපු අමුතුම කතාව..( Video)
Wednesday, 17 April 2024
191
Views
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..
Tuesday, 16 April 2024
89
Views
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි.. එයාලා ඇත්තටම ගොඩක්...
Read More
කොයිවෙලෙත් හිනා වෙලාම ඉන්න ඒ දෙන්නා, අවුරුදු දවසේ... (Photos)
Tuesday, 16 April 2024
104
Views
සාරංග - දිනක්ෂි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ යුවලක්.ඉතින්...
Read More
ආදරේ පිරුණු ඒ දෙන්නගේ කූඩුව , වසන්තයේ එක දවසක... (Photos)
Tuesday, 16 April 2024
94
Views
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Read More
View All
Technology
පියවි ඇසට ලේසියෙන් දකින්න නොලැබෙන, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ සමීපතම දසුන්.. (Photos)
Wednesday, 17 April 2024
68
Views
බැලුවේ නැත්නම් ,ආයේ බලන්න වෙන්නේ , 2070 වසරේ ?
Wednesday, 10 April 2024
147
Views
ලොවක් බලා සිටි ඒ මොහොත , කැමරා කාචයට හසු වූ හැටි.. (Photos)
Tuesday, 09 April 2024
193
Views
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Read More
වසර 71කට පසු , හෙට සිදුවෙන වෙනස..
Sunday, 07 April 2024
607
Views
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Read More
අභ්‍යවකාශයට ගිය අලුත්ම චන්ද්‍රිකාව... තවත් විශ්වයක ආරම්භයක් ද?
Friday, 05 April 2024
150
Views
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Read More
View All
Follow Us
අසිරිමත් දළදාගමනය
දිවිතුරා
ලංවී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
පිංදෙණිය ජාතික පාසලේ සුහද ක්‍රිකට් තරගාවලිය මාර්තුවේ..
Tuesday, 19 March 2024
365
Views
සලාර් මේ වසරේ එයි
Friday, 19 January 2024
639
Views
ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළෙලේ වැඩිම සම්මාන - '' ඕපන්හයිමර් '' ට (Photos)
Tuesday, 16 January 2024
679
Views
විරාත් සහ අනුෂ්කාගේ ආදරණීය හයවැනි සැමරුම (Photos)
Tuesday, 12 December 2023
874
Views
විනෝදය කැටුව ආ , '' Khichdi 2 ''
Sunday, 19 November 2023
836
Views
View All
Most Viewed
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, රාජ්‍ය අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර..
Wednesday, 17 April 2024
515
Views
දැන් කොන්ඩම් නිවසටම , ලබා ගන්න පුළුවන් මෙහෙමයි.. (Video)
Wednesday, 17 April 2024
494
Views
සා/පෙළ විභාගයට යන සිසුන්ට විශේෂ දැනුම් දීමක්...
Wednesday, 17 April 2024
222
Views
"පුරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ..." - නොයෙන්නම ගිය පාලිත, අන්තිමට හිරුට කියපු අමුතුම කතාව..( Video)
Wednesday, 17 April 2024
191
Views
අදත් වහිනවා ලු..
Wednesday, 17 April 2024
180
Views