නාසා ආයතනය පසුගියදා සඳ මතට යැවීම සඳහා අභ්‍යවකාශ ගත කළ ඔරායන් යානය සාර්ථකව සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
නාසා ආයතනය විසින් සිදුකරන ආටිමිස් මෙහෙයුමේ එක් අදියරක් වන මීට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 1ක් වැය කර ඇති බව සඳහන්.
එමඟින් ලබා ගත් සඳෙහි සමීප ඡායාරූප මේ වනවිටත් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වූ පළමු අවස්ථාව මෙය වනවා.
ඔරායන් යානය සඳ මතුපිටට ගොඩබෑමක් නොකරන අතර, එය අඳුරු කලාපයද පසුකර සඳ වටා ගොස් ආපසු පෘථිවිය බලා පැමිණීමට නියමිතයි.
දින 25 ක මෙහෙයුමක් නිම කරමින් ඔරායන් පෘථිවිය වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ ලබන මස 11 වනදායි.