ලෙබනනය හරහා ඉතාලි යවන්නන් ගැන කියන්න - දුරකතන අංක
Saturday, 26 November 2022 - 10:06 | Views - 595
ලෙබනනය හරහා බෝට්ටු මගින් ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත යොමු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, මුදල් ලබාගෙන සිදු කරන මෙවැනි ජාවාරම් වලට හසු නොවන ලෙසටයි.
ඇතැම් පුද්ගලයින් ඉතාලිය බලා ගමන් කිරීමේ දී අනතුරට ලක් වී අවතැන් වූ අවස්ථා පිළිබඳව ද වාර්තාවන බව එම කාර්යාංශය පවසනවා.
ඒ අනුව, මෙම ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු දන්නේ නම් 1989 ක්ෂණික ඇමතුම් අංකයට සහ 0112 864 214 යන විමර්ශන අංශයේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙසටයි , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Share This Article