අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු තට්ටු ගොඩනැගිල්ලකින් පහළට
Friday, 25 November 2022 - 14:15 | Views - 1,101
වයස අවුරුදු එක හමාරක කුඩා දරුවෙක් තට්ටු ගොඩනැගිල්ලකින් පහළට විසි කිරීම හේතුවෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මෙම දරුවා විසි කර ඇත්තේ, ග්රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලක සිට යි.
මේ කුඩා දරුවා ගොඩනැගිල්ලෙන් පහළට විසි කළ දරුවාගේ මවගේ සොහොයුරා ව ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම දරුවා මෙලෙස ගොඩනැගිල්ලෙන් පහලට විසි කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Share This Article