හදිසියේ ගැසට් නිවේදනයක් - ලිහිල් කෙරුණු තහනම ? (Video)
Thursday, 24 November 2022 - 17:31 | Views - 751
භාණ්ඩ රැසකට අදාලව පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ආනයනය සඳහා සීමා පනවා තිබූ, තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක එම සීමාවන් ඉවත් වනු ඇති.
මෙම ගැසට් නිවේදනය අනුව ට්‍රන්ක පෙට්ටි, සූට් කේස්, බ්‍රීෆ් කේස්, ඇස් කණ්නාඩි කවර, හෑන්ඩ් බෑග් වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් නැවතත් ආනයන කිරීමේ නිදහස හිමිවනවා.
එමෙන්ම, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන තහනම ඉවත් කර තිබෙනවා.
මේ අතර අද (24) ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මේ වන විට මහ බැංකුව සතු අත්‍යවශ්‍ය වියදම් සඳහා වැය කළ හැකි අමෙරිකානු ඩොලර් සංචිත පවතින්නේ මිලියන 300ක සීමාවේ බවයි.
මෙම සීමාවන් ඉවත් කරමින් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්..,












Share This Article