නාසාහි බලවත් ම රොකට්ටුව Artemis 1 ගුවන්ගත වෙයි
Wednesday, 16 November 2022 - 17:25 | Views - 1,075
ලොව බලවත්ම ක්‍රියාකාරී රොකට්ටුව භාවිතා කර සඳ වටා කාර්ය මණ්ඩලයක් නොමැති පරීක්ෂණ ගුවන් ගමනක් මෙහෙයුම් කෙරෙන ඓතිහාසික ආටෙමිස් 1 මෙහෙයුම අවසානයේ සක්‍රීය වී තිබෙනවා.

නාසා මෙහෙයුම් කණ්ඩායම අඟහරුවාදා දහවල් (15) ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී දියත් කිරීමේ උත්සාහයකට පෙර රොකට්ටුවට ඉන්ධන සැපයීම ආරම්භ කළ අතර, එය සිදු වූයේ සති ගණනක් විවිධ තාක්ෂණික ගැටලු සහ පසුබෑම් සමඟ සටන් කිරීමෙන් පසුව යි.

පැය ගණනාවක්, ඉන්ධන සැපයීම සුමටව සිදු වන බව පෙනී ගිය අතර, රාත්‍රී 9.30ට පමණ NASA නිලධාරීන් දැකීමට බලාපොරොත්තු වූ සීමාවට ඉහළින් වරින් වර හයිඩ්‍රිජන් කාන්දු වීම් නැවතත් ආරම්භ වුණා.

"මෙහි දී තාක්ෂණික කණ්ඩායම් විසින් දියත් කිරීමේ අධ්‍යක්ෂ චාලි බ්ලැක්වෙල්-තොම්සන්ට පවසා ඇත්තේ, මෙම කාන්දු වීම් ආරක්ෂිත සීමාවට ඉහළින් ගිය හොත් ඔවුන්ට මෙතැනින් එහාට තවත් කළ හැකි ‍යමක් නොමැති බව යි" යනුවෙන් නාසා ප්‍රකාශක ඩෙරොල් නේල් දියත් කිරීමේ නිල සජීවී ප්‍රවාහයේ දී පැවසුවා.

එම කාන්දුවීම් නිසා ඊට සම්බන්ධ වූ ටැංකිවලට ඉන්ධන සැපයීම තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, රොකට්ටුවේ ප්‍රොපෙලන්ට් අලුත්වැඩියා කිරීමට විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් නාසා ආයතනය විසින් යෙදවීමට පියවර ගත්තා.

ඔවුන් සිව් වන හයිඩ්‍රජන් ඉන්ධන ටැංකියේ කාන්දුව සිදුවන ස්ථානය හඳුනාගෙන එය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කිහිපයක් ම ගත් අතර එම අලුත්වැඩියාව නිමාවන විට අඟහරුවාදා දින රාත්‍රී 11 පහු වී තිබුණා.

එම අලුත්වැඩියාවෙන් අනතුරුව නැවතත් රොකට්ටුවට හයිඩ්‍රජන් ඉන්ධන පිරවීම ආරම්භ කළ අතර ඉන් පසුව රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා සුදුසු තත්ත්වයේ ඇති ති බවට තාක්ෂණික කණ්ඩායම් විසින් දියත් කිරීමේ අධ්‍යක්ෂ චාලි බ්ලැක්වෙල්-තොම්සන්ට පවසා පවසා සිටියා.

මෙලෙස ඊයේ සහ අද දිනයේ අවස්ථා දෙකකද දී කල් දැමුණු ආටෙමිස් 1 රොකට්ටුවේ ගුවන් ගමන අද අලුයම සාර්ථක වූ අතර එය ගුවන් ගත කිරීමේ දී පැයට සැතපුම් 128ක වේගයක් උපයාගෙන හූස්ටන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගුවනට නිකුත් කෙරුණා.

නාසා හි ආටෙමිස් 1 අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වන්නේ 1969 වර්ෂයෙන් පසුව නැවතත් ගනගාමීන් පිරිසක් චන්ද්‍රයා වෙත රැගෙන ගොස් නැවත පෘතුවියට රැගෙන ඒමයි. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top