භාවිතා කරපු තේ කුඩු වලින් ඇස් වටේ තියන කළු ලප අයින් කරමු
Friday, 31 March 2017 - 16:28 | Views - 9,203
හැමදාමත් අපි භාවිතා කරන තේ කුඩු නිකන්ම විසිකරා නේ.
හැබැයි මේ කියන්න යන දේ අැහුවොත් ආපහු ඔබ කවදාවත් තේ කුඩු නිකන්ම විසිකරන එකක්නම් නෑ.
අපේ මූණට අවලස්සනක් ගේන දෙයක් තමයි ඇස් වටේ තියන කළු ලප.
ඒ කළු ලප ඉවත් කරන්න අපි පාවිච්චි කරලා විසි කරන තේ කුඩු වලට පුළුවන් කිවුවොත් ඔයා විශ්වාස කරනවද...?
භාවිතා කළ තේ කුඩු ඇස මත තමා විනාඩි 15කින් ඉවත්කර සෝදා හරින්න. මේ මඟින් ඔබේ ඇස වටා සමේ ස්ථරයේ ලේ ගමනාගමනය වැඩිකර ඔබේ සම ප්‍රබෝධමත් කරනවා. ඇස් වටා හැකිලී තිබුණ ඔබේ සම ප්‍රාණවත් වී පැහැපත් වෙනවා.
මේ ආකාරයට ඔබ භාවිතා කරන තේකුඩු සිසිලස සහිත වීම අත්‍යවශයයි. ඒ නිසා පෙරදින රාත්‍රියේ ඔබ භාවිතා කළ තේ කුඩු ශීතකරණයට දාන්න අමතක කරන්න එපා. ඔබට ඒ තේකුඩු පසුදා උදෑසන මේ සත්කාරයට භාවිතා කරන්න පුළුවන්.
ටික දවසක් මේ විදියට කරොත් ඔයාටත් ඇස් වටේ තියන කළු ලප ලේසියෙන්ම ඉවත්කරගන්න පුළුවන්.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article