
මිනිසුන් රහිත ඔරියන් අභ්යවකාශ යානය (Orion spacecraft) රැගත් සඳ වෙත යැවීමට සූදානම් කර ඇති නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව අභ්යවකාශගත කිරීම දෙවන වරටත් ව්යර්ථ වී තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, ඉන්ධන කාන්දුවක් හේතුවෙන් රොකට්ටුව අභ්යවකාශගත කිරීම නාසා ආයතනයට නතර කිරීමට සිදු වී ඇති බව ය.
ආටෙමිස් 1 සඳ මෙහෙයුම සෙනසුරාදා (සැප්. 3) අලුයම 2:17ට EDT (1817 GMT) දියත් කිරීමට සූදානම් කර තිබුණ ද රොකට්ටුව අභ්යවකාශගත කිරීමට පැය හතකට පමණ පෙර එහි හයිඩ්රජන් ඉන්ධන කාන්දුවක් ඇතැයි අනාවරණය වී ඇත.
ඉන්ධන කාන්දුව නතර කිරීමට නාසා ඉන්ජිනේරුවන් දැඩි උත්සහයක් ගත්ත ද එය ව්යර්ථ වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේ ය.
එම වාර්තා පෙන්වා දුන්නේ, මෙහෙයුම දියත් කිරීමේ මීළඟ උත්සහය ගැන තීරණය කිරීම සඳහා නාසා ආයතනයට ලබන සතිය වන තුරු රැඳී සිටීමට වනු ඇති බව ය.
නාසා ආයතනයට අලුත්වැඩියාව සඳහා ආටෙමිස් 1හි SLS රොකට්ටුව එහි රොකට් අලුත්වැඩියා කරන ස්ථානය වෙත ගෙන යාමට සිදු වුවහොත් ආටෙමිස් 1 සඳ මෙහෙයුම දියත් කිරීම ඔකොතොබර් දක්වා කල් යනු ඇතැයි නාසා පරිපාලක බිල් නෙල්සන් ප්රකාශ කර තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, ඔක්තෝබර් මස මුලදී SpaceX’s Crew-5 Dragon මෙහෙයුම සඳහා ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත ගගනගාමීන් හතර දෙනෙකු යැවීමට නාසා ආයතනය දැනටමත් සැලසුම් කර ඇති බැවින් Artemis 1 දියත් කිරීම එම මාසයේ අග සිදුවනු ඇති බව ය.
නාසා ආයතනයට දැනට සඳුදා (සැප්. 5) ආටෙමිස් 1 දියත් කිරීමට මිනිත්තු 90ක ඉඩකඩක් ඇති අතර, එය සිදු වුවහොත් දියත් කිරීම සවස 5:12ට EDT (2212 GMT) සිදු වන බව විදෙස් මාධ්ය වාර්තා කළේ ය.
සඳුදා දිනයේ දියත් කිරීමට උත්සාහ නොකරන්නේ නම්, ඒ සඳහා අඟහරුවාදා (සැප්. 6) උත්සාහ කළ හැකි වන අතර විදෙස් මාධ්ය වාර්තා කළේ, ඊට ඇත්තේ මිනිත්තු 24ක ඉතා අඩු ඉඩ කඩක් බව ය. අඟහරුවාදා දියත් කිරීමක්, උත්සහ කළහොත්, සවස 6:57ට EDT (GMT 2257) සිදුවනු ඇතැයි නාසා ආයතනය ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මෙම මාසයේදී ම එම මෙහෙයුම දියත් කිරීමට ඉඩක් තිබුණ ද මෙහෙයුම් කළමනාකරුවන් සඳහන් කර ඇත්තේ, රොකට්ටුවේ අලුත්වැඩියා කටයුතු සඳහා ගත වන කාලය අනුව එය ඔකොතොබර් මැද දක්වා කල් යනු ඇති බව ය.
Artemis 1 යනු, 2025 වසර වන විට අභ්යවකාශගාමීන් සඳ වෙත ආපසු යැවීමේ Artemis වැඩසටහනේ නාසා ආයතනයේ පළමු පරීක්ෂණ පියාසැරියයි.
එය නාසා ආයතනය මෙතෙක් නිර්මාණය කළ බලවත් ම රොකට්ටුව ලෙස සැලකෙන අතර එහි ඔරියන් අභ්යවකාශ යානය ගගනගාමීන් සඳ වෙත ගෙන යාම සඳහා එය ආරක්ෂිත බව සහතික කිරීමට නියමිත ය.
මෙම මෙහෙයුම ගවේෂණාත්මක මෙහෙයුමක් වන අතර, ඉන් අනාගතයේදී සඳ මත ස්ථීර මධ්යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන වඩා ත් අභිලාෂකාමී මෙහෙයුම් සඳහා පදනම සැකසීමට අදහස් කෙරේ.
දියත් කළ පසු, Artemis 1 සඳ වෙත පියාසර කිරීමට මාසයකට වැඩි කාලයක් ගත කරනු ඇත.
1969 වසරේ ඇපලෝ 11 මෙහෙයුම මගින් ප්රථම වරට සඳ මතුපිටට මිනිසුන් රැගෙන ගොස් වසර 50කට පසු ආටෙමිස් 1 සඳ මෙහෙයුම ක්රියාත්මක වේ.
මෙහි පළමු මෙහෙයුම අගෝ. 29 වන දා අසාර්ථක වූයේ, රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක්රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවීම හේතුවෙනි.
110 Views
134 Views
186 Views
197 Views
85 Views
152 Views
157 Views
178 Views
99 Views
131 Views
588 Views
269 Views
272 Views
74 Views
44 Views
44 Views
38 Views