මෙරට දෙවන නැනෝ චන්ද්‍රිකාව උඩු ගුවනට
Friday, 25 March 2022 - 9:45 | Views - 4,540
මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා.

ඊයේ පස්වරු 5.40ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂය වෙත එය මුදාහැරීම සිදු කෙරුණු බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සනත් පනාවැන්නගේ සඳහන් කළේ.

ජාත්‍යන්තර ආයතන පහක් සමඟ ඒකාබද්ධව නිර්මාණය කරන ලද කිට්සුනේ නමින් නම් කරන ලද මෙම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වැනිදා සිග්නිස් - 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙරට නිර්මාණය කරන ලද පළමු නැනෝ චන්ද්‍රිකාව රාවණ - 01 කක්ෂගත කරනු ලැබුවේ 2019 වසරේ ජුනි 17 වැනිදායි.

රාවණ - 01 චන්ද්‍රිකාව මෙන් හය ගුණයක විශාලත්වයෙන් යුත් කිට්සුනේ, උසස් තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් වන අතර, එහි සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ සෙන්ටිමීටර් 05ක පමණ වපසරිය වුවද තියුණු ලෙස නිරීක්ෂණය කළ හැකියි. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top