ඔබේ දත් කහ පැහැ වෙලාද? මෙන්න දත් සුදු කරගන්න නියම විසඳුම
Tuesday, 28 March 2017 - 17:50 | Views - 101,464
කහ කියන්නේ ඕනෑම ගෙදරක මුළුතැන්ගෙයක නම් නැතිවම බැරි දෙයක් කියලා කවුරුත් දන්න්වනේ. කෙසේවෙතත් කහ කියන්නේ බොහොමයක් බෙහෙත්වලට භාවිතා කරන ගුණදායී අමුද්‍රව්‍යයක්.
මේ ලිපියෙන් කියවෙන්නේ කහ යොදාගනිමින් කහ පැහැ ගැන්වුණු දත් සුදු කරගන්නා ආකාරයයි. කහවල ඇති කහට ඉවත් කිරිමේ සහ එහි ඇති සිරීමේ හැකියාව නිසා දත්වල ඇති පැල්ලම් හා කහට ඉවත් කරනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
කහ කුඩු ස්වල්පයක්
පොල් තෙල් ස්වල්පයක්
බේකින් සෝඩා ස්වල්පයක් (බේකින් සෝඩා නොමැතිවද මෙය සාදාගත හැකිය)
සාදාගන්නා ආකාරය:
සියල්ල එකට එකතුකර පල්පයක් ලෙස සාදාගෙන සිසිල් තැනක තබන්න. (ශීතකරණයේ තැබීම වඩාත් සුදුසුයි)
අවශ්‍ය ප්‍රමාණයට දත් බුරුසුවට ගෙන විනාඩි දෙකක් පමණ දත් මදින්න. අවසානයේ හොදින් වතුරින් සෝදන්න.
වැදගත් - මේ මිශ්‍රණයෙන් හැමදාම දත් මදින්න එපා. බේකින් සෝඩා ඉතා සංවේදී ඔබගේ විදුරුමස් වලට හානි ඇති කරන්න පුළුවන්. එම නිසා සතියට වරක් මෙන් දවසට එක් වරක් පමණක් මෙම ක්‍රමය අනුගමනය කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article