අද සිට ක්රියාත්මක වන පරිදි සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා කිලෝග්රෑම් එකක් රුපියල් 125ක් වන අතර සුදු හෝ රතු සම්බා කිලෝ එකක මිල රුපියල් 103ක් වනවා.
සුදු හෝ රතු නාඩු කිලෝග්රෑම් එකක මිල වන්නේ රුපියල් 98ක්.
සුදු හෝ රතු කැකුළු කිලෝග්රෑම් එකක් රුපියල් 95ක් වන පරිදි උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා.
මීට අමතරව සීනි සහල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්රෑම් එකක් රුපියල් 122ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්රෑම් එකක මිල වන්නේ රුපියල් 125ක්.
එමෙන්ම පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රෑම් එකක මිල රුපියල් 128ක්.