ඊයේ තවත් කොරෝනා මරණ 215ක් තහවුරු කෙරේ
Thursday, 02 September 2021 - 11:59 | Views - 520
මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 215ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

පසුගිය (31) වෙනිදා සිදු වූ මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 115ක් සහ කාන්තාවන් 100ක් අයත්.

ඒ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 2ක් වනවා.

ඒ එක් කාන්තාවක් සහ පිරිමි අයෙක් වශයෙන්. අවුරුදු 30ත් 59ත් අතර මරණ 46ක් සිදුව තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 18ක් සහ පිරිමි 28ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 86ක් සහ කාන්තාවන් 81ක් ද මෙම මරණ 215ට අයත්.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3828ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 444130ක් හමුවී ඇති අතර ඉන් 57785ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පවසනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 376216ක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top