රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගත වීී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයේ ද මෙරට බරපතල ආහාර හිඟයක් ඇතැ යි ප්‍රචාර නිකුත් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් ද මෙම ව්‍යාජ තොරතුරු නැවත ප්‍රචාරය කරමින් සිටිනවා.
ඇතැම් කූඨ වෙළඳුන් පසු ව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇති ව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තබන බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඔවුන්ගේ ප්රයත්නය පරාජය කිරීම සදහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනය කිරීමට අදාළ වගන්ති පසුගිය සදුදා බලාත්මක කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එබැවින් ආහාර හිඟයක් ඇතිවේ යැ යි බිය නො වන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි සඳහන්.