රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය පිරෙයි
Tuesday, 31 August 2021 - 13:26 | Views - 610
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය මේ වනවිට ඉඩ කඩ නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත පවසනවා.

ඔහු කියා සිටියේ කුඩා දරුවන් 200ක් පමණ මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ යම් මොහොතක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුකළහොත් අවශ්‍ය කරන සීමාවන් තුළ කටයුතු කිරීම සඳහා විධිමත් සැලසුම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

කොරෝනා වැලදුණු දරුවන්ට ඇති විය හැකි මල්ටි සිස්ටම් ඉන්ෆැමටරි සින්ඩ්‍රෝම් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ගැබිණි මව්වරුන් ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොරෝනා ආසාදනය වී සති 3ක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා පූර්ණ සුවය ලබා ඊයේ නිවස වෙත පැමිණ තිබෙනවා.

එමෙන්ම වව්නියාව - ඕළුමඩම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සයකට සහභාගි වූ පුද්ගලයින් 28 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

එමෙන්ම, මාවනැල්ල රෝහලෙන් පළා ආ කොරෝනා ආසාදිතයෙකු සිය නිවසට පැමිණීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. කෙසේ වෙතත් හදිසි මරණ පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන් වී ඇත්තේ එය සාමාන්‍ය මරණයක් ලෙසයි.

ග්‍රාම නිලධාරීවරුන් 500කට අධික සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බවත් ඉන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

ඒ පිළිබදව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද දැනුවත් කරමින් ලිපියක් යොමු කිරීමටයි එම සංගමය පියවර ගෙන ඇත්තේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුකළහොත් ඊට විධිමත් අයුරින් මුහුණදීම සදහා සියළු දෙනා ක්‍රියා කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top