කොවිඩ් සහ ලොක්ඩවුන් නිසා බිම වැටුණු සරණක් අවැසි මිනිස්සුන්ට තඩිබාන ෆිනෑන්ස් කාරයෝ රටේ නීතිය බල්ලට දාන හැටි
Tuesday, 31 August 2021 - 12:37 | Views - 2,357

ඔබෙත් මගෙත් සමීපතමයන් පවා කොවිඩ් උවදුරට ගොදුරු වෙන මෙහොතක, අසරණ මිනිසුන් අන්ත අසරණ වුණු මොහොතක, එදා වේල හරිහම්බ කරගන්න බැරිව ගෙවල්වලට කොටුවුණු මිනිස්සු හඬා වැලපෙන මොහොතක ඒ සියල්ල අමතක කරනා හිත්පිත් නැති ෆිනෑන්ස් ආයතන ගැන පසුගිය දවස් ටිකේම කවුරුත් කතා වුණා.රට ලොක්ඩවුන් කරලා තියෙන මොහොතක සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කරන්න අවසර ලබාදී තිබෙනවා..ඒ අවසරය ෆිනෑන්ස් ආයතනවලටත් වලංගුද..? ෆිනෑන්ස් ආයතන කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්ද..?හිරු අපි කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ රටේ ඇතැම් ෆිනෑන්ස් ආයතන මේ වනවිටත් විවෘත කර තිබෙන බවයි.කෙහොම වුණත් විවෘත කරලා විතරක් ඔවුන් නිකන් ඉන්නේ නෑ කියන එක තහවුරු වුණේ ඔවුන් ෆිනෑන්ස් පහසුකම් ලබාගත් පුද්ගලයන්ට මාසික වාරික දමන ලෙසට කතා කරමින් පීඩාවට පත් කරන බවයි.ඇතැම් ෆිනෑන්ස් ආයතන විවෘතව කර ඇති බව සොයා බැලීමට අප ඇමතුම් කිහිපයක් ලබාගත් පසු ඔවුන් පැවසුවේ රට පුරා ඇති සියලු ශාඛා විවෘතව තැබෙන බවයි.අපේ රටේ ෆිනෑන්ස් ආයතන ක්‍රියාත්මක වෙන්නේ නිසි න්‍යාමනයක් සහිතවද..?අහිංසක මිනිහෙක් දුක්මහන්සියෙන් හරිහම්බ කරපු සල්ලි ටිකක් දාලා වාහනයක් ගත්තම ඒ මනුස්සයව සියදිවි හානි කරගන්නා තැනට ඇද දමන ඇතැම් ෆිනෑන්ස් ආයතන මේ සමාජයටම පිළිලයක් වී හමාරයි.රජය මගින් පසුගිය කොවිඩ් රැලිවලදී පැවසුවේ ෆිනෑන්ස් ලබාගත් අයට සහන ලබාදිය යුතු බවයි.නමුත් මෙම සහන ක්‍රියාත්මක කළාද..? ක්‍රියාත්මක කළත් ඔවුන් කළේ රැවටීමක් නොවේද..?ඇතැම් පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අය නොකරන බව පැවසුවත් ෆිනෑන්ස් පහසුකම අවසන් කරන දිනට එය ගෙවීමට සිදුව තිබෙනවා.තවත් ෆිනෑන්ස් ආයතන මෙම හිඟ වාරික ගෙවීමට නැවතත් ණය පහසුකමක් ලබාදී එම ණය පහසුකමට පොලී මුදලක් එකතු කර තිබෙනවා.ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා සේ ෆිනෑන්ස් ආයතන සිදුකරන්නේත් අසරණ මිනිසුන්ට තවත් උන්හිටිතැන් අහිමි කරවීම පමණයි.මේවා නිසි අයුරින් නියාමනය කර මේවා පිළිබඳව සොයා බැලීම බලධාරීන්ගේද වගකීමකි.රටක ව්‍යසනයක් ඇති මොහොතක රට වසා තිබියදී ෆිනෑන්ස් ආයතනවලට රිසි සේ ඒ නීතිවලට පයින් ගසමින් ක්‍රියා කරන්නේ කුමන බලයක් නිසාවෙන්ද..?මිනිසත්කම පිරිහී යන සමාජයක මුදල පමණක් ජීවිතය කරගත් ඇතැම් ව්‍යාපාරික ආයතන නිසා රටත් සමාජයත් මිනිස් ජීවිතත් වලපල්ලට යාම සක්කරයාගේ පුතා වයිමාටවත් නොවැලැක්විය හැකි කාරනයක් වී තිබෙනවා.අත්‍යවශ්‍ය සේවා බව පවසමින් සල්ලිකාරයන් තම ව්‍යාපාර කටයුතුත්, පෞද්ගලික කටයුතුත් කරගනිද්දී එදා වේල හරිහම්බ කරගන්නා ස්වයං රැකියාවල නිරත වෙන්නන් හා කුලී වැඩ කරන මිනිසුන් ගෙවල්වල කොටුකර තිබේ.එසේ කොටුකර ඔවුන්ට ෆිනෑන්ස් ආයතන සහ ණය ලබාදෙන ඇතැම් ආයතන සිදුකරන මේ අකටයුත්ත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම නිසි බලධාරීන්ගේ වගකීමක් බව සිහිපත් කළ යුතුයි.
Share This Article