අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට
Tuesday, 31 August 2021 - 10:01 | Views - 13,156
වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවා.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පත්කොට තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ නීති රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් මඟින් දැනුම් දුන්නා.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළඳපොල අක්‍රමිකතා වැළැක්වීම සඳහායි මෙම නව රෙගුලාසි පනවා ඇත්තේ.

ඒ අනුව රජයේ සහතික මිලක් හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන ජනතාවට සාධාරණ මිල ගණනකට ලබාදීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත්, හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top