නිවසට ම එන ආයුර්වේද ඖෂධ
Monday, 30 August 2021 - 13:49 | Views - 1,020
නිවසටම එන  ආයුර්වේද ඖෂධ

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරුණා.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනු ලැබුවා.

එහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදු කෙරෙනු බවද සඳහන්.

බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරනු ලබනවා.
 
ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බස්නාහිර පළාත තුළ ආයුර්වේද ප්‍රතිකර්ම තුළින් පුද්ගල ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් 265කගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ආරම්භ වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් අධීක්ෂණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ඒ. විකුම් චන්ද්‍රරතන කියා සිටියේ.

කොරෝනා ආසාදනය වන ස්වාමීන් වහන්සේලා සඳහා ප්‍රතිකාර කිරීමට කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයක් විවෘත කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

මේ අතර, පෙරුම්කායම්, දේවදාර, කුරුඳුපොතු, පාවට්ටාමුල් ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත ලබාදුන් අතර ඒ සඳහා පේට්න් බලපත්‍රයක් ද හිමි ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top