කොරෝනා ආසාදනය වූ හිටපු මන්ත්‍රීවරයෙකු මරුට
Monday, 30 August 2021 - 13:41 | Views - 5,981
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මිය යන විට 86 වන වියේ පසු වූ ඔහු, 1977 දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජයේ ගම්පහ දිසා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු අතර, හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර ද පසුගිය දා ජීවිතක්ෂයට පත්වූයේ කොරෝනා ආසාදනය වීමෙන්.
Share This Article