ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසු නවසීලන්තයේ කාන්තාවක් මරුට
Monday, 30 August 2021 - 10:29 | Views - 5,230
ෆයිසර් කොරෝනා මර්ධන එන්නත ලබා ගත් නවසීලන්ත කාන්තාවක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. වෙලිංග්ටන් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ෆයිසර් කෝවිඩ් -19 එන්නත හා සම්බන්ධව එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන COVID-19 එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩල සමාලෝචනයෙන් පසු මෙම මරණය පිළිබඳව නිවේදනය කළ ද අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය,නම, හෝ වයස ආදී පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් නොකිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් වගබලා ගත්තා.

කෙසේ වෙතත් අදාල කාන්තාවගේ මරණය හෘද පේශි වල දැවිල්ලක් සමගින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇතිකර එමඟින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කෙරෙන මයිකාඩයිටිස් නැමති සංකූලතාව නිසා ඇති වූවක් බව නවසීලන්ත වෛද්‍ය මණ්ඩලය සලකනවා. මෙය ෆයිසර් කෝවිඩ් -19 එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි සඳහන් වන්නේ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top