තවත් කොරෝනා මරණ 192 ක්
Monday, 30 August 2021 - 9:47 | Views - 1,445
ෆයිසර් එන්නත් එක්ලක්ෂ පනස් දහසක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ අතර නව කොරෝනා මරණ 192 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන් 4,612 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ හාරලක්ෂ 26,169 ක් ලෙසයි.

මේ අතර ඊයේ මෙරටින් වාර්තාවූ නව ආසාදිතයන් 4,612 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 59,796 ක්  රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 357,598 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 192 න් 156 ක් ම වයස අවුරුදු  60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 36 දෙනෙකුද කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top