පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු දේහ 2ක් මාරුවීමේ පුවතක් වාර්තා වනවා.
එම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්රතිකාර ලබාදෙන හත්වන වාට්ටුවේ සිට මිය ගිය වයස අවුරුදු 89ක් සහ 93ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරුයි මෙලෙස මාරු වී ඇත්තේ.
මොරටුව ලක්ෂපති ප්රදේශයේ පදිංචි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් පසුගිය 21 වනදා මිය ගොස් ඇති අතර, ඇය වෙනුවට මඩකලපුව - ඔට්ටමාවඩි ප්රදේශයේ මිහිදන් කර ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවකගේ දේහයක් බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඇගේ ඥාතීන් පානදුර රෝහලට ගොස් දේහය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී යී, දේහය මාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ.