කඩවත නිවසක අඹු-සැමි යුවළක් පිලිස්සී මරුට (Video)
Saturday, 28 August 2021 - 16:14 | Views - 724
කඩවත-ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක හට ගත් ගින්නකින් අඹු-සැමි යුවළක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද අලුයම ගින්න හට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 53ක් වන අතර ඇගේ සැමියාගේ වයස අවුරුදු 57ක්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
Share This Article