ඩෙල්ටා ආසාදිතයින් රෝහල්ගත වීමේ අවශ්‍යතාව දෙගුණයකින් ඉහළට
Saturday, 28 August 2021 - 15:39 | Views - 1,469
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් රෝහල්ගත වීමේ අවශ්‍යතාව ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූවන්ට සාපේක්ෂ ව දෙගුණයකින් වැඩි බව එංගලන්තයේ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
මේ බව හඳුනාගෙන ඇත්තේ, එරට කොරෝනා ආසාදිතයින් 14,338 දෙනෙකු යොදා ගෙන සිදුකළ පර්යේෂණයකින් අනතුරුව යි.
එහි දී අනාවරණ වී ඇත්තේ, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නො ගත් පුද්ගලයින් වැඩි වශයෙන් ආසාදනයට ලක් වී ඇති බවයි.
ඒ අනුව, එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීමෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතා අවම වන බව ද මෙහි දී තහවුරු වී තිබෙනවා.
Share This Article