තවත් කොරෝනා මරණ 214ක්
Saturday, 28 August 2021 - 12:21 | Views - 952
මෙරටින් මෙතෙක් තහවුරු කළ දිනක වැඩි ම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.

ඒ අනුව පෙරේදා දිනයේ දී සිදු ව ඇති එලෙස ඊයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 214ක්.  

අගෝස්තු 26 වනදා සිදු වූ කොරෝනා මරණ 214ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8371ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වූ 2වන අවස්ථාව මෙය යි.

ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 4591 දෙනෙකු හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි  පුද්ගලයන් 30 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 16,961ක්  දක්වා ඉහළ ගියා.  

තවත් කොරෝනා ආසාදිතයින් 2122 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිට ව ගියා.

මේ අතර චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2යි දශම 3ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා.

අලුයම 5යි 20ට පමණ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබුවා.

එම එන්නත් තොගයට ලක් රජය මඟින්  මිළදී ගත් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් මෙන්ම, චීන මහජන විමුක්ති හමුදාව, ශ්‍රී ලංකා හමුදාවන්ට පරිත්‍යාග කරන ලද සයිනොෆාමි එනනත් මාත්‍රා ලක්ෂ 3ක් ඇතුළත්.

අද ලැබුණු එන්නත් තොගය සමඟ අගෝස්තු මාසයේ මිලියන 7ක් හා මේ දක්වා මිලියන 18ක් සයිනොෆාම් එන්නත් මෙරටට ලැබී ඇති බවයි කොලඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු 60 ඉක්ම වූ  සියලු‍ පුරවැසියන්  එන්නත්කරණයට ලක් කිරීම  ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

එම වයස ඉක්ම වූ සෑ ම අයකුගේ ම  දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක්  දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා  ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව  සඳහන් කළා.

කොරෝනා මර්දනයෙහි  තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත්  එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහි දී පෙන්වා දී තිබෙනවා.

මේ අතර යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් විසින් ඉටුකම, කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් ද පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top