එන්නත්කරණයේ ප්‍රගතිය පිළිබඳ ව වසංගත රෝග විද්‍යා ඒකකයෙන් නිවේදනයක්
Saturday, 28 August 2021 - 12:13 | Views - 866
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙතෙක් දිවයිනේ සිදුකළ එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එය 2021-08-27 වනදා පස්වරු 08.30 දක්වා සිදුකළ එන්නත්කරණ ක්‍රියාවලියේ වාර්තාව යි.

ඒ අනුව මේ වනවිට කොවිශීල්ඩ් පළමු මාත්‍රා 1,364,244ක් සහ දෙවන මාත්‍රා 88,234ක් ලබා දී තිබෙන අතර, සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රා 9689350ක් සහ දෙවන මාත්‍රා 5199526ක් ලබා දී ඇති බව වාර්තා වනවා.

ස්පුට්නික් වී එන්නත ලබා දී තිබෙන්නේ පළමු මාත්‍රා 159088ක් සහ දෙවන මාත්‍රා 25489ක් වශයෙන්.

මේ අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා 306341ක් සහ දෙවන මාත්‍රා 181759ක් ද එන්නත්කරණ වැඩසටහන යටතේ ජන්තාවට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නත් ලබා දී තිබෙන්නේ පිළිවෙළින් පළමු මාත්‍රා 771459ක් සහ දෙවන මාත්‍රා 584024ක් වශයෙන් වන අතර, සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නත පළමු මාත්‍රා 2,865ක් ද දෙවන මාත්‍රා 2,435ක් ද ලබා දී ඇතැ යි වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top